Ultimate magazine theme for WordPress.

ICC යෙන් කොළඹට ඇමතුමක් – අවිශ්ක, නුවන් සහ දිල්හාරගේ පරික්ෂණ අත්හිටුවන්නැයි බලපෑම්

2017 වසරේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති T 10 කි‍්‍රකට් තරගාවලියේදී කී‍්‍රඩා අමාත්‍යවරයාගේ අනුමැතියකින් තොරව ශී‍්‍ර ලංකාවෙන්  කණ්ඩායමක් සහභාගි කරවමින් විශාල මුදලක් කි‍්‍රකට් බළධාරීන් අවභාවිතා කළ අයුරු මේ වන විට අණාවරණය වෙමින් පවතින බව වාර්තා වනවා.

ඒ අයි සී සී ය විසින් දූෂණ චෝදනා එල්ල කර සිටින හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් වන අවිශ්ක ගුණවර්ධන, නුවන් සොයිසා හා දිල්හාර ලොකුහෙට්ටිගේ මෙන්ම ජාතික කණ්ඩායමේ විශ්ලේෂකවරයෙකු වූ සනත් ජයසුන්දර යන අය සම්බන්ධයෙන් කී‍්‍රඩා අමාත්‍යංශය විසින් කමිටුවක් හරහා විමර්ශන ආරම්භ කිරිමත් සමගයි.

කී‍්‍රඩා අමාත්‍යංශ‍‍‍ය මෙවැනි පරීක්ෂණයක් ආරම්භ කිරීමත් සමග කි‍්‍රකට් බළධාරීන් ද කලබලයට පත්ව ඇති බවයි ඇතැම් වාර්තා පෙන්වා දෙන්නේ.

ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සලය තමන් අතින් වූ අත්වැරැද්ද වසා ගැනීමට ඩුබායි සිට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතන මූලස්ථානයටද ඇමතුම් ලබාදී ඇති බව වාර්තා වනවා.

අයි සී සී ය සහ කි‍්‍රකට් පාලක මණ්ඩලයේ ඇතැම් නිළධාරීන් මෙම අවනඩුව වසා දැමීමට යම් යම් පාර්ශ්වවලට බලපෑම් සිදු කරමින් සිටින බව ද සදහන්.

ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සලය මෙම කි‍්‍රඩකයින්ට තාවකාලික තහනමක් පනවා ඇත්තේ ඔවුන්ගේ අනුමැතිය නොමැති වූ තරගාවලියකට අදාළව වීම විශේෂත්වයක්.

එසේ නම් ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලය විසින් මෙවැනි අභූත චෝදනාවක් නගමින් මෙම කි‍්‍රඩකයින්ට මාස 14ක් පමණ  සේවා අහිමිකර ඇත්තේ මෙරට කි‍්‍රකට් බළධාරීන්ගේ වුවමනාව හමුවේ ද යන්න ගැටලුවක්.

හිටපු ජාතික ක්‍රිකට් ක්‍රීඩකයන් හා පුහුණුකරුවන් වන අවිශ්ක ගුණවර්ධන, නුවන් සොයිසා හා දිල්හාර ලොකුහෙට්ටිගේ මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු විශ්ලේෂකවරයෙකු වූ සනත් ජයසුන්දර යන මහත්වරුන්ගේ සේවය අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලය මගින් තාවකාලිකව අත්හිටුවීම සම්බන්ධයෙන් විභාගයක් පැවැත්වීම සඳහා ක්‍රීඩා අමාත්‍යාංශය විසින් ඔවුන්ව පසුගිය 23 වනදා පස්වරුවේ ක්‍රීඩා අමාත්‍යාංශයට කැදවා පරීක්ෂණයක් ආරම්භ කළා.

එම විභාගයෙන් අනතුරුව අවිශ්ක ගුණවර්ධන සහ නුවන් සොයිසා මාධ්‍යය වෙත පල කළ අදහස් –

ලොක්කන්ගේ මගඩි නිසා හෑල්ලුවට ලක් වූ තවත් ක්‍රීඩකයින් තිදෙනෙක් සාධාරණය ඉල්ලයි

ලොක්කන්ගේ මගඩි නිසා හෑල්ලුවට ලක් වූ තවත් ක්‍රීඩකයින් තිදෙනෙක් සාධාරණය ඉල්ලයි

Posted by Lead Sri Lanka on Friday, July 24, 2020

Leave a comment