Ultimate magazine theme for WordPress.

ICC මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයා හා ක්‍රීඩිකාව සදහා වන නිර්දේශිත නාම ප්‍රකාශයට පත් කෙරේ

ජූලි මාසයට අදාළ අයි.සී.සී මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයා සදහා වන නිර්දේශිත නාම ජගත් ක්‍රිකට් කවුන්සලය අද(8) නිවේදනය කළා.

ඒ අනුව ඔස්ට්‍රේලියාවේ මිචෙල් මාෂ්, බංග්ලාදේශයේ ශකිබ් අල් හසාන් හා බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි හේඩ්න් වොල්ෂ් එම නිර්දේශිත නාම අතරට ඇතුළත්.

අයි.සී.සී මාසයේ ක්‍රිකට් ක්‍රීඩිකාව සදහා වන නිර්දේශිත නාම ද ජගත් ක්‍රිකට් කවුන්සලය නිවේදනය කර තිබෙනවා.

කොදෙව් දූපත්හි Hayley Matthews හා Stafanie Taylor මෙන්ම පාකිස්තානයේ Fatima Sana නිර්දේශිත නාම අතරට අයත්.

හිටපු ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන්, මාධ්‍යවේදීන්, තරග විකාශකයින් සහ අයි.සී.සී හෝල් ඔෆ් ෆේම් හි (ICC Hall of Fame) සාමාජිකයින් ඇතුළත් ස්වාධීන අයි.සී.සී මනාප ඇකඩමියේ මනාප (90%) හා ප්‍රේක්ෂක මනාපයන් (10%) ද සැලකිල්ලට ගනිමින් අයි.සී.සී මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයා හා ක්‍රීඩිකාව තෝරා ගනු ලබනවා.

Leave a comment