Ultimate magazine theme for WordPress.

Hume, Rock අයර්ලන්ත 20යි 20 සංචිතයට කැදවයි

එළඹෙන සිම්බාබ්වේ තරග සංචාරය සදහා වන අයර්ලන්ත 20යි 20 සංචිතය නම් කර තිබෙනවා.

පෝල් ස්ටර්ලින්ග්ගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත්.

දකුණත් වේග පන්දු යවන ක්‍රීඩක Graham Hume හා කඩුලු රකින පිතිකරු Neil Rock මෙම සංචිතයට නම් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

අයර්ලන්තය අවසන් වරට ක්‍රීඩා කළ 20යි 20 තරගාවලිය වූ ඉන්දියාවට එරෙහි තරගාවලියට ඇතුළත්ව සිටි Fionn Hand හා Ben White මෙම තරගාවලියට ඇතුළත් කර නැහැ.

මේ අතර දෙරට අතර පැවැත්වීමට නියමිත එක්දින තරගාවලිය සදහා වන අයර්ලන්ත සංචිතයට දග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක Gareth Delany නම් කර නැහැ.

අයර්ලන්ත කණ්ඩායමේ සිම්බාබ්වේ සංචාරයට 20යි 20 තරග 3 ක් හා එක්දින තරග 3 ක් ඇතුළත්. 20යි 20 තරගාවලිය දෙසැම්බර් 7 වැනිදා හරාරේ හී දී ආරම්භ වීමට නියමිතයි.

Ireland T20I squad:

Paul Stirling (c), Mark Adair, Ross Adair, Andrew Balbirnie, Curtis Campher, Gareth Delany, George Dockrell, Josh Little, Graham Hume, Barry McCarthy, Neil Rock, Harry Tector, Lorcan Tucker, Theo van Woerkom, Craig Young

ODI squad:

Paul Stirling (c), Mark Adair, Andrew Balbirnie, Curtis Campher, George Dockrell, Josh Little, Graham Hume, Andy McBrine, Barry McCarthy, Neil Rock, Harry Tector, Lorcan Tucker, Theo van Woerkom, Craig Young