Ultimate magazine theme for WordPress.

ENG vs SL : පැතුම් හා වැන්ඩර්සේට කැදවීමක් – මිලාන් හා තාරකත් සංචිතයට

එංගලන්තය සමග පැවැත්වීමට නියමිත තරග 3 කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා.

ධනංජය ද සිල්වාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයට ක්‍රීඩකයින් 18 දෙනෙකු ඇතුළත්.

මෙතෙක් ටෙස්ට් වරම් දිනා නොමැති වේග පන්දු යවන ක්‍රීඩකයින් වන මිලාන් රත්නායක හා නිසල තාරක සංචිතයට නම් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

2022 වසරේ සිට මෙතෙක් ටෙස්ට් තරගයක් ක්‍රීඩා කර නොමැති පැතුම් නිස්සංක ද සංචිතයට කැදවීමට පියවර ගෙන තිබීම විශේෂත්වයක්.

2022 වසරේ ජූනි මාසයේ දී සිය එකම ටෙස්ට් තරගය ක්‍රීඩා කර ඇති ‌පා දග පන්දු යවන ක්‍රීඩක ජෙෆ්රි වැන්ඩර්සේ ද ටෙස්ට් සංචිතයට කැදවා තිබීම කැපී පෙනෙනවා.

තාරක හා රත්නායකට අමතරව වේග පන්දු යවන්නන් ලෙස අසිත ප්‍රනාන්දු, කසුන් රාජිත, විශ්ව ප්‍රනාන්දු හා ලහිරු කුමාර ද ටෙස්ට් සංචිතයට නම් කර තිබෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ එංගලන්ත ටෙස්ට් තරග සංචාරය අගෝස්තු 21 වැනිදා ආරම්භ වීමට නියමිතයි.

සංචිතය හා තරග කාලසටහන –

The Squad

1) Dhananjaya De Silva – Captain
2) Dimuth Karunaratne
3) Nishan Madushka
4) Pathum Nissanka
5) Kusal Mendis – Vice Captain
6) Angelo Mathews
7) Dinesh Chandimal
8) Kamindu Mendis
9) Sadeera Samarawickrama
10) Asitha Fernando
11) Vishwa Fernando
12) Kasun Rajitha
13) Lahiru Kumara
14) Nisala Tharaka
15) Prabath Jayasuriya
16)Ramesh Mendis
17)Jeffrey Vandersay
18) Milan Rathnayake

England vs Sri Lanka fixtures

August 21-25 – 1st Test, Manchester
August 29-September 2 – 2nd Test, Lord’s
September 6-10 – 3rd Test, The Oval

Leave a comment