Ultimate magazine theme for WordPress.

Emerging Teams Asia Cup : හෙට ඇරඹෙන තරගාවලියේ සියලු තොරතුරු මෙන්න

නැගී එන කණ්ඩායම් ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය (ACC Emerging Teams Asia Cup) හෙට(13) ශ්‍රී ලංකාවේ දී ආරම්භ වනවා.

ජූලි 23 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත තරගාවලියට ශ්‍රී ලංකාව ඇතුළු කණ්ඩායම් 8 ක් ක්‍රීඩා කරනවා.

ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය හා ඇෆ්ඝනිස්තානය යන අයි.සී.සී පූර්ණ සාමාජික රටවල ‘A’ කණ්ඩායම් මෙම තරගාවලියට එක්වන අතර, 2023 ආසියානු ප්‍රිමියර් කුසලාන තරගාවලියේ ඉදිරියෙන්ම පසු වූ රටවල් 3 වන එක්සත් අරාබි එමීර් රාජ්‍යය A කණ්ඩායම, ඕමාන A කණ්ඩායම හා නේපාලය ජාතික කණ්ඩායම ද තරගාවලියට ක්‍රීඩා කිරීමට නියමිතයි.

එම කණ්ඩායම් පහත සදහන් අයුරින් කාණ්ඩගත කර තිබෙනවා.

  • Group A: Afghanistan A, Bangladesh A, Oman A, Sri Lanka A
  • Group B: India A, Pakistan A, Nepal, UAE A

තරගාවලියේ සියලු තරග කොළඹ ක්‍රීඩාංගන 4කදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව ආර්. ප්‍රේමදාස, පී සරා ඕවල්, එස්.එස්.සී හා සී.සී.සී යන ක්‍රීඩාංගනවලදී තරග පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.

තරගාවලිය ආරම්භ කරමින් හෙට දිනයේ දී තරග දෙකක් පැවැත්වීමට නියමිතයි.

එහිදී සත්කාරක ශ්‍රී ලංකා A කණ්ඩායම හා බංග්ලාදේශ A කණ්ඩායම අතර තරගය කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිත අතර, ඇෆ්ඝනිස්තාන A කණ්ඩායම හා ඕමාන A කණ්ඩායම අතර තරගය සී.සී.සී ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙනවා.

සංචිත 8 –

Sri Lanka A Squad : 

Dunith Wellalage – (c), Pasindu Sooriyabandara, Minod Bhanuka (wk), Avishka Fernando, Lasith Croospulle, Sahan Arachchige, Ashen Bandara, Lahiru Udara (wk), Janith Liyanage,  Binura Fernando, Lahiru Samarakoon, Isitha Wijesundera, Chamika Karunaratne, Pramod Madushan, Dushan Hemantha

India A squad:

Sai Sudharsan, Abhishek Sharma (VC), Nikin Jose, Pradosh Ranjan Paul, Yash Dhull (C), Riyan Parag, Nishant Sindhu, Prabhsimran Singh (wk), Dhruv Jurel (wk), Manav Suthar, Yuvrajsinh Dodiya, Harshit Rana, Akash Singh, Nitish Kumar Reddy, Rajvardhan Hangargekar

Pakistan Shaheens Squad:

Mohammad Haris (C, wk), Omair Bin Yousuf (vice-captain) , Amad Butt , Arshad Iqbal, Haseebullah, Kamran Ghulam, Mehran Mumtaz, Mubasir Khan, Mohammad Wasim Jnr, Qasim Akram , Sahibzada Farhan , Saim Ayub , Shahnawaz Dahani , Sufiyan Muqeem , Tayyab Tahir

Bangladesh A Squad :

Mohammed Saif Hassan (C), Mohammad Parvez Hossain Emon, Tanzid Hasan Tamim, Shahadat Hossain, Mahmudul Hasan Joy, Zakir Hasan (VC), Soumya Sarkar, Shak Mahedi Hasan, Rakibul Hasan, Mohammad Mrittunjoy Chowdhury Nipun, Tanzim Hasan Sakib, Ripon Mondol, Mohammad Musfik Hasan, Akbar Ali, Naim Sheikh

Afghan Abdalyan Squad :

Shahidullah Kamal (Skipper), Ikram Alikhil (WK), Ishaq Rahimi (WK), Riaz Hassan, Ihsanullah Jannat, Noor Ali Zadran, Zubaid Akbari, Baheer Shah, Allah Noor Nasiri, Sharafuddin Ashraf, Izharulhaq Naveed, Wafadar Momand, Ibrahim Abdulrahimzai, Salim Safi, Zia Ur Rehman Akbar, and Bilal Sami.

Nepal’s squad:

Rohit Paudel (C), Kushal Bhurtel, Aasif Sheikh, Dev Khanal, Aarif Sheikh, Kushal Malla, Sundeep Jora, Gulshan Jha, Sompal Kami, Surya Tamang, Shyam Dhakal, Bhim Sarki, Pratish GC, Lalit Rabanshi, Arjun Saud, Kishore Mahato

Oman A:

Aaqib Ilyas (c), Jatinder Singh, Kashyap Prajapati, Ayaan Khan, Shoaib Khan, Suraj Kumar, Jay Odedra, Kaleemullah, Ahmed Fayyaz Butt, Samay Shrivastava, Wasim Ali, Rafiullah, Abdul Rauf, Shubo Pal, Muhammed Bilal.

UAE A:

Ali Naseer (c), Adithya Shetty, Aryansh Sharma, Ansh Tandon, Ashwanth Valthapa, Ethan D’Souza, Fahad Nawaz, Jash Giyanani, Jonathan Figy, Lovepreet Singh, Matiullah, Mohammad Faraazuddin, Muhammad Jawadullah, Nilansh Keswani, Sanchit Sharma.

තරග කාලසටහන –

© ACC