Eliminator : චමීර LPL තරගාවලියෙන් ඉවතට ; කාසියේ වාසිය කිංග්ස් පිලට
ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් වටයේ දෙවැනි තරගය හෙවත් Eliminator තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමත් වුණා.
ඒ අනුව ඔවුන් බී-ලව් කැන්ඩි කණ්ඩායමට එරෙහිව පළමුව පන්දු යැවීමටයි තීරණය කළේ.
තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙනවා.
මෙම තරගය සදහා චරිත් අසලංක යාපනය කණ්ඩායමට කැදවා ඇත්තේ නිශාන් මදුෂංක වෙනුවටයි.
මහනුවර කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර ආබාධයකට ලක්වීම හේතුවෙන් ඔහුට මෙම තරගාවලියේ ඉතිරි තරග අහිමි වී ඇති බවයි කාසියේ වාසිය උරගා බලන අවස්ථාවේ දී වනිදු හසරංග සදහන් කළේ.
අද තරගය සදහා සහන් ආරච්චිගේ හා කමිදු මෙන්ඩිස් කැදවීමට මහනුවර කණ්ඩායම පියවර ගෙන ඇති අතර, කණ්ඩායමෙන් ඉවත් කර ඇත්තේ අශේන් බණ්ඩාර හා චතුරංග ද සිල්වා.
මෙම තරගයෙන් ජය ගන්නා කණ්ඩායම අවසන් වටයේ තෙවැනි තරගයේ දී ගෝල් ටයිටන්ස් කණ්ඩායමට එරෙහිව තරග වැදීමට නියමිතයි.
අද තරගයෙන් පරාජයට පත් වන කණ්ඩායමට තරගාවලියෙන් ඉවත් වීමට සිදු වනවා.
B-Love Kandy XI:
Mohammad Haris, Fakhar Zaman, Dinesh Chandimal(w), Sahan Arachchige, Angelo Mathews, Wanindu Hasaranga(c), Asif Ali, Kamindu Mendis, Isuru Udana, Mujeeb Ur Rahman, Nuwan Pradeep
Jaffna Kings XI:
Rahmanullah Gurbaz(w), Chris Lynn, Charith Asalanka, Dunith Wellalage, Shoaib Malik, David Miller, Thisara Perera(c), Asela Gunaratne, Maheesh Theekshana, Dilshan Madushanka, Nuwan Thushara