Day 3 Report : ශ්‍රී ලංකාව ලකුණු 202 ක් ඉදිරියෙන්
ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය අද(20) නිමා වුණේ තරගයේ ජයග්‍රහනය පිළිබද බලාපොරොත්තු තවදුරටත් කණ්ඩායම් දෙකටම විවෘත කරමින්.
දිනය නිමා වන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකාව කඩුලු 4 ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 237 ක්.
ගාල්ලේ පැවැත්වෙන තරගය අද දිනයට ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි නවසීලන්තය කඩුලු 4 ක් දැවී ලකුණු 255 ක් ලබා සිටි අතර, ඔවුන්ගේ සියලු දෙනා ලකුණු 340 කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුණා. ඒ, තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු 305 ට පිළිතුරු ලෙසයි.
ඒ අනුව ශ්‍රී ලංකාව මේ වන විට දෙවැනි ඉනිමේ දී ඉදිරියෙන් පසුවන ලකුණු සංඛ්‍යාව 202 ක්.
නොදැවී පන්දුවට පහර දෙමින් සිටි ඇන්ජෙලෝ මැතිව්ස් හා ධනංජය ද සිල්වා ලකුණු 34 බැගින් ලබා කඩුල්ලේ රැදී සිටිනවා. ඔවුන් දෙදෙනා අතර පස්වැනි කඩුල්ලට ගොඩ නැගී ඇති නොබිදුණු සම්බන්ධතාවය ලකුණු ලකුණු 59* (117) ක්.
ඉනිමේ පළමු කඩුල්ල ලෙස පැතුම් නිස්සංක ලකුණු දෙකකට දැවී ගිය අතර, අනතුරුව දෙවැනි කඩුල්ල සදහා ලකුණු 147 (268) ක සම්බන්ධතාවයක් ගොඩ නැගීමට දිමුත් කරුණාරත්න හා දිනේෂ් චන්දිමාල් සමත් වුණා.
දිමුත් ලකුණු 83 කට දැවී ගිය අතර, චන්දිමාල් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 61 ක්. කමිදු මෙන්ඩිස් ලකුණු 13 කට දැවී ගියා. පන්දු යැවීමේ දී විලියම් ඕරෝක් ලකුණු 37 කට කඩුලු 3 ක් දවා ගත්තා.
නවසීලන්ත පළමු ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ ටොම් ලේතම්. ඔහු ලකුණු 70 ක් රැස් කළ අතර, කේන් විලියම්සන් ලකුණු 55 ක් ලබා ගත්තා. ඩැරල් මිචෙල් ලකුණු 57 ක් ලබා සිටියදී අද පෙරවරුවේ දී දුවද්දී දැවී යාම තරගයේ තීරණාත්මක සංධිස්ථානයක් බවට පත් වුණා.
පන්දු යැවීමේ දී ප්‍රභාත් ජයසූරිය ලකුණු 136 කට කඩුලු 4 ක් දවා ගත් අතර, රමේෂ් මෙන්ඩිස් ලකුණු 101 කට කඩුලු 3 ක් බිද හෙලුවා. ධනංජය ද සිල්වා දවා ගත් කඩුලු ගණන දෙකක්.
මෙරට පැවැත්වෙන ජනාධිපතිවරණය හේතුවෙන් හෙට දිනය මෙම තරගයට විවේක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.