Ultimate magazine theme for WordPress.

CWC 2023 : අවසන් මහා තරගයට තරග නිලධාරීන් නම් කෙරේ

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය සදහා නම් කර ඇති තරග නිලධාරීන් ජගත් ක්‍රිකට් කවුන්සලය (අයි.සී.සී) විසින් අද(17) නිවේදනය කළා.

ඒ අනුව පිටියේ විනිසුරුවන් ලෙස එංගලන්තයේ Richard Illingworth හා Richard Kettleborough කටයුතු කිරීමට නියමිතයි.

තෙවැනි විනිසුරු ලෙස පත් කර ඇත්තේ Joel Wilson. තරග තීරකවරයා ලෙස Andy Pycroft කටයුතු කිරීමට නියමිතව තිබෙනවා.

අවසන් මහා තරගය එළඹෙන 19 වැනිදා ඉන්දියාව හා ඔස්ට්‍රේලියාව අතර අහ්මදාබාද් හී දී පැවැත්වීමට නියමිතයි.

Match officials for ICC Cricket World Cup 2023 final:

On-field Umpires: Richard Illingworth & Richard Kettleborough
Third Umpire: Joel Wilson
Fourth Umpire: Chris Gaffaney
Match Referee: Andy Pycroft