Ultimate magazine theme for WordPress.

CWC 2023 : අවසන් පූර්ව වටයට තරග නිළධාරීන් පත් කෙරේ

මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග සදහා පත් කර ඇති තරග නිළධාරීන්ගේ නම් ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

වසර ගණනාවකට පසුව කුමාර් ධර්මසේන අයි.සී.සී තරගාවලියක අවසන් පූර්ව තරගයක විනිසුරුවරයෙකු ලෙස මෙවර නම් කර නොතිබීම විශේෂත්වයක්.

තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය එළඹෙන බදාදා සත්කාරක ඉන්දියාව හා නවසීලන්තය අතර පැවැත්වීමට නියමිතයි. මුම්බායි හී දී එම තරගය ආරම්භ වන්නේ පස්වරු දෙකටයි.

එම තරගයේ පිටියේ විනිසුරුවන් ලෙස Richard Illingworth හා Rod Tucker කටයුතු කරනවා. තරග තීරකවරයා ලෙස පත් කර ඇත්තේ Andy Pycroft.

දෙවැනි අවසන් පූර්ව තරගය එළඹෙන බ්‍රහස්පතින්දා දකුණු අප්‍රිකාව හා ඔස්ට්‍රේලියාව අතර කොල්කටාහී දී පැවැත්වෙනවා.

එම තරගයේ පිටියේ විනිසුරුවන් ලෙස Richard Kettleborough හා Nitin Menon කටයුතු කරන අතර, තරග තීරකවරයා ලෙස කටයුතු කරන්නේ Javagal Srinath.

Match Officials for the semifinals:

SF1: India v New Zealand, Wed 15 November, Mumbai

On Field Umpires: Richard Illingworth & Rod Tucker
Third Umpire: Joel Wilson
Fourth Umpire: Adrian Holdstock
Match Referee: Andy Pycroft

SF2: Australia v South Africa, Thurs 16 November, Kolkata

On Field Umpires: Richard Kettleborough & Nitin Menon
Third Umpire: Chris Gaffaney
Fourth Umpire: Michael Gough
Match Referee: Javagal Srinath