Copa America : ශූරයින්ගේ සිට සිව්වැනි ස්ථානය දක්වා කෝටි ගණනක මූල්‍ය ත්‍යාග බෙදී ගියේ මෙහෙමයි
1916 වසරේ සිට පැවැත්වෙන කෝපා ඇමෙරිකා තරගාවලිය මේ දක්වා වැඩිම වාර ගණනකදී ජය ගෙන ඇති රට වන්නේ ආර්ජන්ටිනාවයි.

48 වැනි වරටත් පැවැති කෝපා ඇමෙරිකා පාපන්දු තරගාවලිය මෙරට වේලාවෙන් ඊයේ (15) නිමා වුණේ 16 වැනි වරටත් ශූරතාවය ආර්ජන්ටිනාවට හිමි කර දෙමින්.
1916 වසරේ සිට පැවැත්වෙන කෝපා ඇමෙරිකා තරගාවලිය මේ දක්වා වැඩිම වාර ගණනකදී ජය ගෙන ඇති රට වන්නේ ද ආර්ජන්ටිනාවයි.
මෙම වසරේ ජූනි 20 වැනිදා ආරම්භ වූ තරගාවලියට කණ්ඩායම් 16 ක් තරග කළා. අවසන් මහා තරගයේ දී කොලොම්බියාව පරාජයට පත් කරමින් ගෝල 1-0 ක් ලෙසයි ආර්ජන්ටිනාව පිට පිට දෙවැනි වරටත් මෙම ශූරතාවය හිමි කර ගත්තේ.
ශූරතාවය දිනූ ආර්ජන්ටිනාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 16 ක මූල්‍ය ත්‍යාගයක් හිමි වුණා. එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 485 ක පමණ වටිනාකමක් වනවා.
අනුශූරතාවය දිනූ කොලොම්බියාවට ඩොලර් මිලියන 7ක් හෙවත් රුපියල් කෝටි 212 ක පමණ මුදලක් හිමි වුණා.
මෙවර තරගාවලියේ තෙවැනි ස්ථානය හිමි කර ගත්තේ උරුගුවේ කණ්ඩායමයි. ඔවුන්ට ඩොලර් මිලියන 5 ක් (රුපියල් කෝටි 151 ක්) හිමි වූ අතර, සිව්වැනි ස්ථානය දිනා ගත් කැනඩාවට හිමි වූ මුදල ඩොලර් මිලියන 4 ක් (රුපියල් කෝටි 121 ක්).