Coetzer 20යි 20 පිටියට සමු දෙයි

ස්කොට්ලන්ත කණ්ඩායමේ හිටපු නායක Kyle Coetzer 20යි 20 ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කර තිබෙනවා.
සිය පවුලේ සාමාජිකයින් සමග වැඩි කාලයක් ගත කිරීමේ අරමුණින් හා පුහුණුකරුවෙකු ලෙස සිය ක්‍රිකට් දිවිය පවත්වා ගෙන යාම පිළිබද අවධානය යොමු කිරීමේ අපේක්ෂාවෙන් තමා මෙම තීරණය ගත් බවයි ඔහු සදහන් කළේ.
2008 වසරේ දී 20යි 20 ජාත්‍යන්තර වරම් දිනූ Kyle Coetzer 20යි 20 තරග 70 කදී වාර්තා කර ඇති ලකුණු සංඛ්‍යාව 1,495.
මේ අතර, නවසීලන්තය සමග පැවැත්වීමට නියමිත 20යි 20 තරග දෙක සදහා හා එක්දින තරගය සදහා වන ස්කොට්ලන්ත සංචිතයට Michael Jones, Oliver Hairs හා Craig Wallace ඇතුළත් කර තිබෙනවා.
ස්කොට්ලන්ත කණ්ඩායම හා සංචාරක නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත 20යි 20 තරග දෙක ජූලි 27 හා 29 යන දිනවලදී පැවැත්වීමට නියමිත අතර, එක්දින තරගය එළඹෙන 31 වැනිදා පැවැත්වීමට නියමිතයි.
Scotland squad:
Richie Berrington (c), Matthew Cross (wk), Kyle Coetzer (Only ODI), Ali Evans, Chris Greaves, Oliver Hairs, Michael Jones, Michael Leask, Calum MacLeod, Gavin Main, Chris McBride, George Munsey, Adrian Neill, Safyaan Sharif, Chris Sole, Hamza Tahir, Craig Wallace, Mark Watt.