Ultimate magazine theme for WordPress.

BPL අතරතුර දරුණු අනතුරකට මුහුණ දුන් ෆ්ලෙචර් රෝහල් ගත කෙරේ

බටහිර ඉන්දීය කොදෙව් හා Khulna Tigers කණ්ඩායමේ පිතිකරු ඇන්ඩ්‍රි ෆ්ලෙචර් මෙවර බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ ඊයේ(24) පැවැති තරගයකදී අනතුරකට මුහුණ දුන්නා.

තරගාවලියේ 6 වැනි තරගය වූ මෙම තරගයේ දී ඔවුන්ගේ ප්‍රතිවාදීන් වූයේ Chattogram Challengers කණ්ඩායමයි.

ඩකා නුවර මීර්පූර්හි ෂෙරී බංග්ලා ක්‍රීඩාංගනයේ පැවැති මෙම තරගයේ Khulna Tigers ඉනිමේ 7 වන පන්දුවාරයේ පළමු පන්දුවේ දී රහ්මාන් රාජා යොමු කළ කෙටි පන්දුවක් ගෙල ප්‍රදේශයේ වැදීමෙන් මෙම අනතුර සිදු වුණා.

අනතුරුව මූලික වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමෙන් පසුව ඔහු රෝහල් ගත කිරීමටයි පියවර ගැනුණේ.

පූර්වාරක්ෂක පියවරක් ලෙස ඇන්ඩ්‍රි ෆ්ලෙචර් රෝහල් ගත කළ නමුත්, ඔහුගේ තත්ත්වය බරපතල නොවන බව සදහන්.

අනතුර සිදු වන අවස්ථාව වන විට ඔහු නොදැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 16ක්.

අනතුරු සිදු වූ අයුරු පහතින් නරඹන්න –

Leave a comment