Ultimate magazine theme for WordPress.

BPL තරගාවලියට තෝරා ගත් සම්පූර්ණ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ලැයිස්තුව මෙන්න

ADVERTISEMENT

2024 බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට අදාළ ක්‍රීඩක කෙටුම්පත් කිරීම (Draft) හෙවත් ක්‍රීඩකයින් තෝරා ගැනීමේ කටයුතු ඉරිදා (24) දිනයේ දී ඩකා නුවර දී සිදු කෙරුණා.

එහිදී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් රැසක් ද කණ්ඩායම් කිහිපයක් විසින් සිය සංචිත සදහා තෝරා ගැනීමට පියවර ගත්තා.

ඒ අනුව එළඹෙන BPL තරග වාරය වෙනුවෙන් ක්‍රීඩා කරන සමස්ත ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සංඛ්‍යාව 11 ක්.

ක්‍රීඩකයින් තෝරා ගැනීමේ අවස්ථාවේ දී දුෂාන් හේමන්ත (Sylhet Strikers), කසුන් රාජිත (Khulna Tigers), දසුන් ශානක (Khulna Tigers), ලහිරු සමරකෝන් (Durdanto Dhaka) , සධීර සමරවික්‍රම (Durdanto Dhaka), දිනේෂ් චන්දිමාල් (Fortune Barishal) යන ක්‍රීඩකයින් කණ්ඩායම් හිමිකරුවන් විසින් සිය සංචිත සදහා තෝරා ගනු ලැබුවා.

ක්‍රීඩක කෙටුම්පත් කිරීමට පෙර ධනංජය ද සිල්වා Khulna Tigers කණ්ඩායම සමග ද, චතුරංග ද සිල්වා Durdanto Dhaka කණ්ඩායම සමග ද, දුනිත් වෙල්ලාලගේ Fortune Barishal කණ්ඩායම සමග ද, වනිදු හසරංග හා මතීෂ පතිරණ Rangpur Riders කණ්ඩායම සමග ද ගිවිසුම්ගත වී තිබුණා.

2024 බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලිය ජනවාරි මස මැද භාගයේ දී ආරම්භ වීමට නියමිතයි. මෙවර තරගාවලියේ කාලසටහන ද BBL, ILT20 හා SA20 වැනි තරගාවලි සමග ඝට්ටනයක් සිදු වනු ඇති.

ඒ ඒ කණ්ඩායම් සකස් වී ඇති අයුරු –

  • Comilla Victorians

Retained & direct signings: Litton Das, Mustafizur Rahman, Tanvir Islam, Towhid Hridoy, Mohammad Rizwan, Sunil Narine, Moeen Ali, Andre Russell, Iftikhar Ahmed, Zaman Khan, Khushdil Shah, Johnson Charles, Noor Ahmed, Naseem Shah, Rashid Khan

Draft picks: Imrul Kayes, Mrittunjoy Chowdhury, Zaker Ali Anik, Mahidul Islam, Rishad Hossain, Mushfik Hasan, Rahkeem Cornwall, Matthew Forde

  • Sylhet Strikers

Retained & direct signings: Mashrafe Mortaza, Zakir Hasan, Tanzim Hasan Sakib, Najmul Hossain Shanto, Ryan Burl, Ben Cutting, Harry Tector

Draft picks: Mohammad Mithun, Rezaur Rahman Raja, Ariful Haque, Yasir Ali Chowdhury, Nazmul Islam, Shafiqul Islam, Nayeem Hasan, Jawad Rowen, George Scrimshaw, Richard Ngarava, Dushan Hemantha, Sameet Patel

  • Khulna Tigers

Retained & direct signings: Nasum Ahmed, Nahidul Islam, Mahmudul Hasan Joy, Anamul Haque, Evin Lewis, Faheem Ashraf, Dhananjaya de Silva, Shai Hope, Mohammad Waseem Jr

Draft picks: Afif Hossain, Rubel Hossain, Parvez Hossain Emon, Habibur Rahman Sohan, Mukidul Islam Mughdho, Akbar Ali, Kasun Rajitha, Dasun Shanaka,

  • Durdanto Dhaka

Retained & direct signings: Taskin Ahmed, Shoriful Islam, Arafat Sunny, Mosaddek Hossain, Chaturanga de Silva, Sam Aiyub, Usman Qadir

Draft picks: Mohammad Naim, Saif Hasan, Irfan Sukkur, Sabbir Hossain, Alauddin Babu, SM Mehrob Hossain, Lahiru Samarakoon, Sadeera Samarawickrama

  • Chattogram Challengers

Retained & direct signings: Shuvagata Hom, Ziaur Rahman, Nihaduzzaman, Shohidul Islam, Mohammad Haris, Nazibullah Zadran, Mohammad Hasnain, Stephen Eskinazi

Draft picks: Tanzid Hasan Tamim, Al-Amin Hossain, Shykat Ali, Imran Uzzaman, Shahadat Hossain Dipu, Salahuddin Sakil, Curtis Campher, Bilal Khan

  • Fortune Barishal

Retained & direct signings: Tamim Iqbal, Mahmudullah, Mehidy Hasan Miraz, Syed Khaled Ahmed, Ibrahim Zadran, Shoaib Malik, Paul Stirling, Fakhar Zaman, Mohammad Amir, Abbas Afridi, Dunith Wellalage

Draft picks: Mushfiqur Rahim, Rakibul Hasan, Mohammad Saifuddin, Soumya Sarkar, Kamrul Islam Rabbi, Pritom Kumer, Yanik Cariah, Dinesh Chandimal

  • Rangpur Riders

Retained & direct signings: Shakib Al Hasan, Nurul Hasan, Shak Mahedi Hasan, Hasan Mahmud, Babar Azam, Matheesha Pathirana, Brandon King, Wanindu Hasaranga, Ihsanullah, Azmatullah Omarzai, Nicholas Pooran

Draft picks: Rony Talukdar, Shamim Hossain, Ripon Mondal, Hasan Murad, Michael Rippon, Fazle Mahmud, Yasir Mohammad, Abu Hider Rony, Ashikuzzaman

Leave a comment