Bernadine ජාත්‍යන්තර පිටියට සමු දෙයි

නවසීලන්ත කඩුලු රකින ක්‍රීඩිකා Bernadine Bezuidenhout ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගැනීමට තීරණය කර තිබෙනවා.
ඇය එක්දින ජාත්‍යන්තර තරග 4ක් හා විස්සයි 20 ජාත්‍යන්තර තරග 7 ක් දකුණු අප්‍රිකාව වෙනුවෙන් ක්‍රීඩා කර තිබූ අතර, පසුව නවසීලන්තයට පැමිණි ඇය එහිදී නවසීලන්ත කණ්ඩායම නියෝජනය කරමින් එක්දින තරග 16 ක් හා විස්සයි 20 තරග 22 ක් ක්‍රීඩා කළා.
මේ වන විට 30 වන වියේ පසුවන Bernadine Bezuidenhout දකුණු අප්‍රිකාව වෙනුවෙන් ජාත්‍යන්තර වරම් දිනා ගත්තේ 2014 වසරේ දී යි.
2015 වසරේදී නවසීලන්තයට පැමිණි ඇයව පළමු වරට නවසීලන්ත ජාතික කාන්තා සංචිතයට නම් කළේ 2018 වසරේ දී යි.