Ultimate magazine theme for WordPress.

BAN vs SL : ශ්‍රී ලංකා එක්දින සංචිතය නිවේදනය කෙරේ – ලහිරු කුමාරට කැදවීමක්

බංග්ලාදේශය සමග පැවැත්වීමට නියමිත තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා සංචිතය නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා.

කුසල් මෙන්ඩිස්ගේ නායකත්වයෙන් යුත් සංචිතය සදහා ක්‍රීඩකයින් 16 දෙනෙකු ඇතුළත් අතර, පාදයක සිදු වූ ආබාධයක් හේතුවෙන් බංග්ලාදේශයට එරෙහි විස්සයි 20 තරගාවලිය සදහා ක්‍රීඩා නොකළ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක සංචිතයට නම් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

ආබාධයකට ලක් වූ දුෂ්මන්ත චමීර මෙම තරගාවලිය සදහා ද නම් කර නැහැ. 2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී අවසන් වරට ජාතික කණ්ඩායම නියෝජනය කළ වේග පන්දු යවන ක්‍රීඩක ලහිරු කුමාර එක්දින සංචිතයට ඇතුළත්.

එමෙන්ම කමිදු මෙන්ඩිස් ද එක්දින සංචිතය සදහා කැදවීමටයි පියවර ගෙන ඇත්තේ. ශෙවෝන් ඩැනියල්ට සංචිතයේ ස්ථානය අහිමි වී තිබෙනවා.

එක්දින තරගාවලිය හෙට (13) චිතගොං (Chattogram) හී දී ආරම්භ වන අතර, දෙවැනි හා තෙවැනි තරග පිළිවෙලින් එළඹෙන 15 වැනිදා හා 18 වැනිදා පැවැත්වීමට නියමිතයි.

පළමු එක්දින තරගය හෙට මෙරට වේලාවෙන් පස්වරු දෙකට ආරම්භ වීමට නියමිතයි.

The Squad

1. Kusal Mendis – Captain
2. Charith Asalanka – Vice Captain
3. Pathum Nissanka
4. Avishka Fernando
5. Sadeera Samarawickrama
6. Janith Liyanage
7. Kamindu Mendis
8. Sahan Arachchige
9. Wanindu Hasaranga
10. Maheesh Theekshana
11. Dunith Wellalage
12. Akila Dananjaya
13. Chamika Karunaratne
14. Dilshan Madushanka
15. Pramod Madushan
16. Lahiru Kumara