Asia Cup Final : කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාවෙන් එක් වෙනසක්

ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.
ඒ අනුව ඔවුන් ඉන්දීය කණ්ඩායමට එරෙහිව පළමුව පන්දුවට පහර දීමටයි තීරණය කළේ.
තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙනවා.
මෙම තරගය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම සදහා එක් වෙනස්කමක් සිදු කර තිබෙනවා. ඒ අනුව ආබාධයකට ලක් වූ මහීෂ් තීක්ෂණ වෙනුවට දුෂාන් හේමන්ත කණ්ඩායමට කැදවීමටයි පියවර ගෙන ඇත්තේ.
ඉන්දියාව වෙනුවෙන් වෙනස්කම් රැසක් සිදු කර ඇති අතර, ඒ අනුව බංග්ලාදේශයට එරෙහි තරගයෙන් විවේක ගැන්වූ ප්‍රබල ක්‍රීඩකයින් මෙම තරගය සදහා කැදවා තිබෙනවා.
ආබාධයකට ලක් වූ අක්සාර් පටෙල්ට මෙම තරගය අහිමි වීම හේතුවෙන් වොෂින්ටන් සුන්දර් ද කණ්ඩායමට කැදවීමටයි පියවර ගෙන ඇත්තේ.
කණ්ඩායම් දෙක –
Sri Lanka XI:
Pathum Nissanka, Kusal Perera, Kusal Mendis(w), Sadeera Samarawickrama, Charith Asalanka, Dhananjaya de Silva, Dasun Shanaka(c), Dunith Wellalage, Dushan Hemantha, Pramod Madushan, Matheesha Pathirana
India XI:
Rohit Sharma(c), Shubman Gill, Virat Kohli, KL Rahul(w), Ishan Kishan, Hardik Pandya, Ravindra Jadeja, Washington Sundar, Jasprit Bumrah, Kuldeep Yadav, Mohammed Siraj