Asia Cup 2023 : බංග්ලාදේශ සංචිතයට වෙනසක්
බංග්ලාදේශ වේග පන්දු යවන ක්‍රීඩක එබඩොට් හොසේන්ට එළඹෙන ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය අහිමි වී තිබෙනවා.
ඒ, ඔහු ඇෆ්ඝනිස්තානය සමග පසුගිය මාසයේ පැවැති එක්දින ක්‍රිකට් තරගාවලියේ දී මුහුණු දුන් දණහිසක ආබාධ තත්ත්වය මෙතෙක් සම්පූර්ණයෙන් සුව නොවීම හේතුවෙන්.
ඔහුගේ ආබාධය හේතුවෙන් සති 6ක පමණ කාලයක් පුනරුත්තාපන කටයුතුවල නිරත වීමට එබඩොට් හොසේන්ට සිදු වනු ඇති.
ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය ද ආරම්භ වීමට තවත් මාස දෙකකට අඩු කාලයක් පමණක් ඉතිරිව ඇති බැවින් බංග්ලාදේශ ක්‍රිකට් බළධාරීන් එබඩොට් හොසේන්ගේ ආබාධය තවදුරටත් අවධානම් තත්ත්වයකට පත් කිරීමට සුදානම් නැහැ.
ඔහු වෙනුවට 20 හැවිරිදි වේග පන්දු යවන ක්‍රීඩක ටන්සිම් හසාන් ශකිබ් සංචිතයට ආදේශ කිරීමටයි එරට ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන ඇත්තේ.
මෙතෙක් ජාත්‍යන්තර වරම් දිනා නොමැති ඔහු 2020 වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලානය ජය ගත් බංග්ලාදේශ යොවුන් කණ්ඩායමට ඇතුළත්ව සිටියා.
මෑතකදී නිමා වූ නැගී එන කණ්ඩායම් ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ දී ඔහු ඉහළ දක්ෂතා දක්වමින් තරග 3කදී කඩුලු 9ක් දවා ගැනීමට සමත් වුණා.
ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ බංග්ලාදේශය ක්‍රීඩා කරන පළමු තරගය එළඹෙන 31 වැනිදා සම සත්කාරක ශ්‍රී ලංකාවට එරෙහිව මහනුවර දී පැවැත්වීමට නියමිතයි.
Revised Bangladesh squad :
Shakib Al Hasan (c), Litton Kumer Das, Najmul Hossain Shanto, Towhid Hridoy, Mushfiqur Rahim, Afif Hossain Dhrubo, Mehidy Hasan Miraz, Taskin Ahmed, Hasan Mahmud, Mustafizur Rahman, Shoriful Islam, Nasum Ahmed, Shak Mahedi Hasan, Naim Sheikh, Shamim Hossain, Tanzid Hasan Tamim, Tanzim Hasan Sakib