Ultimate magazine theme for WordPress.

74 වන ජාතික නිදහස් දිනය වෙනුවෙන් කෙවින් පීටර්සන්ගෙන් සුබ පැතුමක්

මෙරට 74 වන අභිමානවත් ජාතික නිදහස් දිනය අදට (4) යෙදී තිබෙනවා.

යටත් විජිත වාදයෙන් ශ්‍රී ලංකා දිවයින නිදහස ලබා සමරනු ලබන 74 වන නිදහස් දිනය වෙනුවෙන් දිවයින පුරා විවිධාකාරයේ සැමරීම් සංවිධාන කර ඇති බව දක්නට ලැබුණා.

රාජ්‍ය තාන්ත්‍රිකව මෙන්ම ශ්‍රී ලංකාවට ලැදිකමක් දක්වන බොහෝ පිරිසක් ද මෙරට 74 වන නිදහස් දිනය වෙනුවෙන් සමාජ මාධ්‍ය ඔස්සේ ද සිය සුබ පැතුම් පණිවිඩ එක්කර තිබෙනු දක්නට ලැබෙනවා.

ඒ අතරට හිටපු එංගලන්ත විශිෂ්ඨ පිතිකරුවෙකු වන කෙවින් පීටර්සන් ද ඇතුළත්.

සිය නිල ට්විටර් ගිණුම ඔස්සේ ශ්‍රී ලංකාවේ ජාතික නිදහස් දිනය වෙනුවෙන් තම සුබ පැතුම එක් කිරීමට ඔහු කටයුතු කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ ජීවත්වන සියලුම පුරවැසියන්ට සුබ නිදහස් දිනයක් වේවායි ප්‍රාර්ථනා කරන පීටර්සන් සංචාරක ගමනාන්තයක් වශයෙන් තමා වඩා කැමත්තක් දක්වන රටක් ලෙස ද ශ්‍රී ලංකාව හදුන්වනු ලැබුවා.

එමෙන්ම ශ්‍රී ලංකාව තුළ ක්‍රිකට් පිටියේදී එල්ල වූ අභියෝග ද සුළුපටු නොවූ බවයි පීටර්සන්ගේ ට්විටර් සටහනේ සදහන්ව තිබුණේ

Leave a comment
logo