කාසියේ වාසිය දිනූ ශ්රී ලංකාවෙන් වෙනස්කම් දෙකක්
ශ්රී ලංකාව හා පාකිස්තානය අතර දෙවැනි ටෙස්ට් ක්රිකට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්රී ලංකා කණ්ඩායම සමත් වුණා.
ඒ අනුව ඔවුන් තරගයේ පළමුව පන්දුවට පහර දීමටයි තීරණය කළේ.
තරගය කොළඹ එස්.එස්.සී ක්රීඩාංගනයේ දී පැවැත්වෙන අතර, මෙම තරගය සදහා ශ්රී ලංකාව වෙනුවෙන් වෙනස්කම් දෙකක් සිදු කර තිබෙනවා.
ඒ අනුව ඩෙංගු රෝගය වැළදීම හේතුවෙන් පළමු ටෙස්ට් තරගය ක්රීඩා කිරීමට නොහැකි වූ අසිත ප්රනාන්දු යළි කණ්ඩායමට කැදවීමටයි පියවර ගෙන ඇත්තේ.
වමත් වේග පන්දු යවන ක්රීඩක ඩිල්ෂාන් මදුෂංක ද මෙම තරගයේ දී ශ්රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් දිනා ගැනීම විශේෂත්වයක්.
ඔවුන් දෙදෙනාගේ නම් කිරීමත් සමග කණ්ඩායමේ ස්ථාන අහිමි වී ඇත්තේ කසුන් රාජිතට හා විශ්ව ප්රනාන්දුටයි.
පාකිස්තාන කණ්ඩායමෙන් මෙම තරගය සදහා කිසිදු වෙනස්කමක් සිදු කර නැහැ.
වර්ෂාව හේතුවෙන් තරගය නියමිත පරිදි පෙරවරු 10 ට ආරම්භ කිරීමට නොහැකි වූ අතර, තරගය පෙරවරු 10.30 ට ආරම්භ කිරීමට නියමිතයි.
කණ්ඩායම් දෙක –
Pakistan XI:
Abdullah Shafique, Imam-ul-Haq, Shan Masood, Babar Azam (c), Sarfaraz Ahmed (wk), Saud Shakeel, Agha Salman, Noman Ali, Naseem Shah, Abrar Ahmed, Shaheen Shah Afridi
Sri Lanka XI:
Dimuth Karunaratne (c), Nishan Madushka, Kusal Mendis, Angelo Mathews, Dinesh Chandimal, Dhananjaya de Silva, Sadeera Samarawickrama (wk), Ramesh Mendis, Prabath Jayasuriya, Asitha Fernando, Dilshan Madushanka