66 වැනි තරගය වැස්සට සේදෙයි – සන්රයිසස් අවසන් වටයට – දිල්ලි ඉවතට

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 66 වැනි තරගය වර්ෂාව හේතුවෙන් ප්‍රතිපලයකින් තොරව අද(16) අත්හැර දැමීමට විනිසුරුවන් කටයුතු කළා.
මෙම තරගය හයිදරාබාද් හී දී පැවැත්වීමට නියමිතව තිබුණේ සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායම හා ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම අතරයි.
කෙසේ වෙතත්, අඛණ්ඩව ඇද හැලුණු වර්ෂාව හේතුවෙන් තරගය කිසිදු පන්දුවක් නොයවාම අත්හැර දැමීමට සිදු වුණා.
ඒ අනුව මේ වන විට තරග 13 කින් තරග 7 ක් ජය ගෙන අද ලබා ගත් ප්‍රසාද ලකුණත් සමග ප්‍රසාද ලකුණු 15 කට හිමිකම් කියන සන්රයිසස් කණ්ඩායම මෙවර තරගාවලියේ අවසන් වටයට සුදසුකම් ලබා ගැනීමට සමත් වුණා.
අද තරගයේ ප්‍රතිපලයත් සමග දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට ද තරගාවලියෙන් ඉවත් වීමට සිදු වුණා.
wpDataTable with provided ID not found!