5th T20I : අභිෂේක්ගේ වාර්තාගත 135(54) හමුවේ ඉන්දියාවට ලකුණු 150 ක දැවැන්ත ජයක්

අභිෂේක් ෂර්මාගේ වාර්තාගත ශතකය හමුවේ සංචාරක එංගලන්ත කණ්ඩායම සමග පැවැති පස්වැනි හා අවසන් පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගයෙන් ලකුණු 150 ක දැවැන්ත ජයක් ලබමින් තරගාවලිය 4-1 ක් ලෙස ජය ගැනීමට ඉන්දියාව අද(2) සමත් වුණා. එය එංගලන්තය ලැබූ දරුණුතම විස්සයි 20 තරග පරාජය වන අතර, ඉන්දියාව ලැබූ දෙවැනි දැවැන්තම විස්සයි 20 තරග ජයග්‍රහනය ද වනවා.
මුම්බායිහි වන්කඩේ ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්තයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව කඩුලු 9 ක් දැවී ලකුණු 247 ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කළා.
අභිෂේක් පන්දු 54 කින් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 135 ක්. හයේ පහර 13 ක් හා හතරේ පහර 7 ක් ඔහුගේ ඉනිමට ඇතුළත්. ඔහු ලබා ගත් ලකුණු 135 වාර්තා අතරට එක් වුණේ ඉන්දියාව වෙනුවෙන් විස්සයි 20 ජාත්‍යන්තර තරගයකදී පිතිකරුවෙකු වාර්තා කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසයි.
එමෙන්ම අභිෂේක් එල්ල කළ හයේ පහර 13 ඉන්දියාව වෙනුවෙන් විස්සයි 20 ජාත්‍යන්තර තරගයකදී පිතිකරුවෙකු එල්ල කළ වැඩිම හයේ පහර සංඛ්‍යාව ලෙස ද ඉතිහාසගත වුණා. ඔහු සිය ශතකය සම්පූර්ණ කිරීමට වැය කළේ පන්දු 37 ක් පමණයි. එය ඉන්දියාව වෙනුවෙන් පිතිකරුවෙකු වාර්තා කළ දෙවැනි වේගවත්ම විස්සයි 20 ජාත්‍යන්තර ශතකය ද වනවා.
අභිෂේක් සිය අර්ධ ශතකය වාර්තා කිරීම සදහා පන්දු 17 ක් පමණක් වැය කළ අතර, ඒ අනුව එය ඉතිහාසගත වුණේ ඉන්දියාව වෙනුවෙන් වාර්තා වූ දෙවැනි වේගවත්ම T20I අර්ධ ශතකය ලෙසයි.
මෙම තරගයේදී පවර්ප්ලේ අවස්ථාව නිමා වන විට ඉන්දියාව ලකුණු 95/1 ක් රැස් කර තිබූ අතර, එය T20I තරගයක පවර්ප්ලේ අවස්ථාවේදී ඉන්දියාව රැස් කර ඇති ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසද වාර්තා අතරට එක් වුණා. මෙම තරගයේදී ඉන්දියාව සිය ලකුණු 100 පසු කළේ පන්දුවාර 6.3 ක් අවසානයේදීයි. එය ඉන්දියාව ලකුණු 100 වාර්තා කිරීමට T20I තරගයකදී වැය කළ අවම පන්දු සංඛ්‍යාව බවට ද පත් වුණා.
පන්දු යැවීමේ දී එංගලන්තය වෙනුවෙන් බ්‍රයිඩන් කර්ස් ලකුණු 38 කට කඩුලු 3 ක් දවා ගත්තා. මාර්ක් වුඩ් කඩුලු දෙකක් බිද හෙලුවේ ලකුණු 32 ක් ලබා දෙමින්.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්තයට පන්දුවාර 10.3 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 97 ක් පමණයි. ඔවුන් එක් අවස්ථාවක පන්දුවාර 4 ක් අවසානයේ කඩුල්ලක් දැවී ලකුණු 48 ක් ලබා සිටි අතර, අවසන් කඩුලු 9 පන්දුවාර 6.3 ක් තුළ ලකුණු 49 ක් තුළ බිද වැටුණා.
ආරම්භක පිතිකරු පිල් සෝලට් ලකුණු 55 ක් ලබා ගත්තේ පන්දු 23 ක් තුළ හයේ පහර 3 ක් හා හතරේ පහර 7ක් සමගින්. පන්දු යැවීමේදී මොහමඩ් ෂාමි කඩුලු 3 ක් දවා ගත් අතර, වරුන් චක්‍රවර්තී හා ශිවම් ඩූබේ කඩුලු 2 බැගින් බිද හෙලුවා. ශතකලාභී අභිෂේක් ෂර්මා එක් පන්දුවාරයක් යොමු කරමින් ලකුණු 3කට කඩුලු 2 ක් දවා ගැනීම ද කැපී පෙනුණා.
Jos Buttler not holding back.🔥
He actually announced 4 impact subs at toss itself.🤣😭 pic.twitter.com/TcHQEZsZ9D— KS (@161atOptus) February 2, 2025