Ultimate magazine theme for WordPress.

30 හැවිරිදි දකුණු අප්‍රිකානු පිතිකරුවා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දෙයි

දකුණු අප්‍රිකානු පිතිකරු තෙයුනිස් ඩි බ්‍රයන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කර තිබෙනවා.

30 හැවිරිදි ඔහු දකුණු අප්‍රිකානු කණ්ඩායම වෙනුවෙන් ටෙස්ට් තරග 13 ක් හා 20යි 20 තරග 2 ක් ක්‍රීඩා කළා.

තෙයුනිස් ඩි බ්‍රයන් ජාත්‍යන්තර වරම් දිනා ගත්තේ 2017 වසරේ දී යි.

ටෙස්ට් ඉනිම් 25 කදී ඔහු ලකුණු 468 ක් රැස් කර ගෙන ඇති අතර, ටෙස්ට් පිටියේ දී ලැබූ එකම ශතකය 2018 වසරේ දී ශ්‍රී ලංකාවට එරෙහිව වාර්තා කරනු ලැබුවා.

ඔහු අවසන් වරට ජාත්‍යන්තර තරගයක් ක්‍රීඩා කළේ පසුගිය වසරේ ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැති බොක්සිං දින ටෙස්ට් තරගයේ දී යි.

පසුගියදා නිමා වූ SA20 ක්‍රිකට් තරගාවලියේ අනුශූරතාවය දිනූ ප්‍රෙටෝරියා කැපිටල්ස් කණ්ඩායම නියෝජනය කළ තෙයුනිස් ඩි බ්‍රයන් එම තරගාවලියේ දී ලකුණු 238 ක් රැස් කිරීමට සමත් වුණා.

මේ අතර, 36 හැවිරිදි නවසීලන්තයේ ටොඩ් ඇස්ට්ල් ද වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගැනීමට තීරණය කර තිබෙනවා.