2nd T20I : Update – ඉන්දියාවට ලකුණු 184ක ඉලක්කයක්
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි 20යි 20 තරගය අද(26) පස්වරු 7ට ධරම්ශාලා හී දී ආරම්භ වුණා.
දැඩි ශීත කාළගුණයක් යටතේ ආරම්භ වූ තරගයේ කාසියේ වාසිය දිනා ගත් ඉන්දියාව පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.
ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා පිතිකරුවන් නියමිත පන්දුවාර 20 අවසන් කළේ කඩුලු 5ක් දැවී ලකුණු 183ක් ලබා ගනිමින්.
ආරම්භක කඩුල්ල සදහා ලකුණු 67ක සබදතාවයක් ගොඩ නැගීමට ධනුෂ්ක ගුණතිලක හා පැතුම් නිස්සංක සමත් වුණා.
ධනුෂ්ක ලකුණු 38(29)කට දැවී ගිය අතර, චරිත් අසලංක ලකුණු 2යි. කමිල් මිෂාර එක් ලකුණකට දැවී ගියා. දිනේෂ් චන්දිමාල් රැස් කළේ ලකුණු 9ක් පමණයි.
අනතුරුව 5 වැනි කඩුල්ල සදහා පැතුම් හා නායක දසුන් ශානක පන්දු 26කින් වේගවත් ලකුණු 58ක සබදතාවයක් ගොඩ නැගුවා.
සිය 5 වැනි ජාත්‍යන්තර 20යි 20 අර්ධ ශතකය වාර්තා කළ පැතුම් ලකුණු 75(53)ක් රැස් කළ අතර, දසුන් ශානක නොදැවී ලකුණු 47(19)ක් ලබා ගැනීමට සමත් වුණා.
දසුන්ගේ ඉනිමට දැවැන්ත හයේ පහර 5ක් හා හතරේ පහර 2ක් ඇතුළත්.
අවසන් පන්දුවාර 5 තුළ දී ශ්‍රී ලංකාව රැස් කළ ලකුණු සංඛ්‍යාව 80ක්.
— cric fun (@cric12222) February 26, 2022