Ultimate magazine theme for WordPress.

22 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා A සංචිතය නම් කෙරේ ; අවශ්‍යතාවය මත යොදා ගන්න තවත් 14 ක්

සංචාරක එංගලන්ත ලයන්ස් කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත සිව්දින තරග 2 සදහා හා එක්දින තරග 3 සදහා වන ශ්‍රී ලංකා A සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අද(25) ප්‍රකාශයට පත් කළා.

සංචිතය සදහා ක්‍රීඩකයින් 22 දෙනෙකු නම් කිරීමටයි ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන ඇත්තේ.

සිව්දින කණ්ඩායමේ නායකයා ලෙස නිපුන් ධනංජය ද, එක්දින කණ්ඩායමේ නායකයා ලෙස කමිදු මෙන්ඩිස් ද පත් කර තිබෙනවා.

ශ්‍රී ලංකා සංචාරය ආරම්භ කරමින් එංගලන්ත ලයන්ස් කණ්ඩායම ජනවාරි 25 වැනිදා සිට කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී තෙදින පුහුණු තරගයකට ද එක්වීමට නියමිතයි.

Also Read : ලයන්ස් පිලට එරෙහි ක්‍රිකට් ආයතන සංචිතය නම් කෙරේ

ලයන්ස් කණ්ඩායම හා ශ්‍රී ලංකා A කණ්ඩායම අතර පළමු සිව්දින තරගය ජනවාරි 31 වැනිදා ද, දෙවැනි සිව්දින තරගය පෙබරවාරි 7 වැනිදා ද ගාල්ලේ දී ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

එක්දින තරග 3 පිළිවෙලින් පෙබරවාරි 15, 18 හා 21 යන දිනවලදී කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතයි.

මේ අතර, එළඹෙන නවසීලන්ත තරග සංචාරය සදහා සූදානම් කිරීමේ අරමුණින් තවත් ක්‍රීඩකයින් රැසක් එංගලන්ත ලයන්ස් කණ්ඩායමට එරෙහි තරගවලදී ක්‍රීඩා කරවීමට අපේක්ෂාවෙන් පසු වන බව ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළා.

එසේ අවශ්‍යතාවය මත ක්‍රීඩා කරවීම වෙනුවෙන් නම් කර ඇති ක්‍රීඩකයින් ප්‍රමාණය 14 ක්.

ආබාධ හා සිදු කෙරුණු ශල්‍යකර්ම හේතුවෙන් පසුගිය කාලයේ ක්‍රිකට් පිටියෙන් ඉවත්ව සිටි දුෂ්මන්ත චමීර හා කුසල් ජනිත් පෙරේරා ද එම ක්‍රීඩක ලැයිස්තුවට ඇතුළත්.

ශ්‍රී ලංකා A සංචිතය :

Lasith Croospulle, Nishan Madushka (WK), Lahiru Udara (WK), Nipun Dhananjaya (Captain – 04 Day), Kamindu Mendis (Captain – One Day), Sahan Arachchige, Thanuka Dabare, Shevon Daniel, Oshada Fernando, Nuwanidu Fernando, Janith Liyanage, Amshi de Silva, Milan Rathnayake, Shiran Fernando, Isitha Wijesundara, Chamindu Wijesinghe, Dhananjaya Lakshan, Suminda Lakshan, Praveen Jayawickrama, Lakshitha Manasinghe, Lasith Embuldeniya, Dushan Hemantha

අවශ්‍යතාවය මත යොදා ගන්නා ක්‍රීඩකයින් –

1 Pathum Nissanka
2 Charith Asalanka
3 Chamika Karunaratne
4 Angelo Mathews
5 Dunith Wellalage
6 Sadeera Samarawickrama
7 Lakshan Sandakan
8 Vishwa Fernando
9 Pramod Madushan
10 Nuwan Thushara
11 Kavishka Anjula
12 Avishka Fernando
13 Dushmantha Chameera
14 Kusal Janith Perera

Leave a comment