Ultimate magazine theme for WordPress.

21න් පහළ කාන්තා සංවර්ධිත සංචිතයක් ස්ථාපිත කෙරේ

ක්‍රීඩිකාවන් 20 දෙනෙකුගෙන් යුත් වයස අවුරුදු 21න් පහළ කාන්තා සංවර්ධිත සංචිතයක් ස්ථාපිත කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබෙනවා.

ඉදිරි ජාත්‍යන්තර තරගාවලි සදහා ශක්තිමත්ව සූදානම් වීමේ අරමුණින් මෙම සංචිතය පිහිටුවීමටයි පියවර ගෙන ඇත්තේ.

දිවයින පුරා සිදු කළ දක්ෂ ක්‍රීඩිකාවන් සොයා යෑමේ වැඩසටහනක් තුළින් හදුනා ගත් ක්‍රීඩිකාවන් 120 දෙනෙකු අතරින් මෙම ක්‍රීඩිකාවන් 20 දෙනා නම් කර තිබෙනවා.

තෝරා ගත් ක්‍රීඩිකාවන් මේ වන විට මාස 3ක විශේෂ පුහුණු වැසටහනකට එක්ව සිටින බවයි ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

අනතුරුව එම ක්‍රීඩිකාවන් දිස්ත්‍රික් හා පළාත් කාන්තා කණ්ඩායම් වෙත යොමු කෙරෙන අතර, එහිදී ලබන මාර්තු හා අප්‍රේල් මාසවලදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කිරීමට නියමිත තරගාවලි සදහා ඔවුන්ට ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමි වනු ඇති.

අදාළ ක්‍රීඩිකාවන් සමග මාස 3ක කාලයක් සදහා (නොවැම්බර් 1 සිට ජනවාරි 31 දක්වා) කොන්ත්‍රාත් ගිවිසුම් අත්සන් කිරීමට ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබෙනවා.

සංචිතය –

01) Randi Premarathna – St. Joseph College, Kegalle
02) Sansala Wanigasekara – Nugawela Central – Kandy
03) Tharushi Rajakaruna – Nugawela Central – Kandy
04) P.D.S.H. Maheshika – St. Joseph College, Kegalle
05) W.P. Nimesha Tharuni – Marapola Maha Vidyalaya – Kegalle
06) Nawodya Nethmini – Wadduwa Central College, Kalutara
07) Emoksha Bashini – Wadduwa Central College, Kalutara
08) Savindi Nimalsha Cooray – Wadduwa Central College, Kalutara
09) Manohari Nisansala – Wadduwa Central College, Kalutara
10) Sulesha Sathsarani – Dewapathiraja College, Galle
11) Chethana Vimukthi – Pelwatta Maha Vidyalaya, Monaragala
12) Ayesha Dilakshani – Maspanna Maha Vidyalaya, Badulla
13) Lanka Thilini – Sinhala Maha Vidyalaya – Trincomalee
14) Shanu Baskaran – Mahajana College, Jaffna
15) Janani Weerakoon – Royal College, Pollannaruwa
16) Tharushi Sathsarani – Poramadulla Central College, Nuwara Eliya
17) Eranga Dissanayake – Katupotha Thissa MMV, Kurunegala
18) Mathurika Muralithasan – Skanthavarodaya College, Jaffna
19) Dulanga Dissanayake – Anula Vidyalaya, Nugegoda
20) Methma Hettiarachchi – Anula Vidyalaya, Nugegoda

Leave a comment