Ultimate magazine theme for WordPress.

2026 T 20 ලෝක කුසලානයේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට

2026 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සම සත්කාරකත්වය ශ්‍රී ලංකාවට හිමිව තිබෙනවා.

ඉන්දියාව සමගින් එක්ව ශ්‍රී ලංකාව එම තරගාවලියේ සත්කාරකත්වය දරන බවයි ජගත් ක්‍රිකට් කවුන්සලය (අයි.සී.සී) නිවේදනය කළේ.

මීට පෙර ශ්‍රී ලංකාව 2012 වසරේ දී ද පන්දුවාර 20යි 20 ලෝක කුසලාන තරගාවලියේ සත්කාරකත්වය දරනු ලැබුවා.

මේ අතර, 2024 වසරේ සිට 2031 වසර දක්වා වන කාලයට අදාළ අයි.සී.සී තරගාවලියන්හි සත්කාරකත්වය රටවල් 14ක් විසින් දරන බව ද අයි.සී.සී අද සදහන් කළා.

පූර්ණ සාමාජික රටවල් 11ක් හා ටෙස්ට් වරම් නොමැති රටවල් 3ක් එම කාලයේ දී අයි.සී.සී තරගාවලියන්හි සත්කාරකත්වය දැරීමට නියමිතයි.

අදාළ කාලයේ දී එක්දින ලෝක කුසලාන තරගාවලි දෙකක්, 20යි 20 ලෝක කුසලාන තරගාවලි 4ක් හා ශූරයින්ගේ කුසලාන තරගාවලි 2ක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

අමෙරිකාවට හා නැමීබියාවට පළමු වරට ලෝක කුසලාන තරගාවලියක සත්කාරකත්වය හිමිව තිබීම ද විශේෂත්වයක්.

එමෙන්ම පාකිස්තානය 2025 අයි.සී.සී ශූරයින්ගේ කුසලාන තරගාවලියේ සත්කාරකත්වය දැරීමට නියමිත වීම ද කැපී පෙනෙනවා.

2022 පන්දුවාර 20යි 20 ලෝක කුසලානයේ සත්කාරකත්වය (ඔස්ට්‍රේලියාව) හා 2023 එක්දින ලෝක කුසලාන තරගාවලියේ සත්කාරකත්වය (ඉන්දියාව) මීට පෙර තීරණය කර තිබුණා.

සත්කාරකත්වය හිමිව ඇති රටවල් –

  • 2024 පන්දුවාර 20යි 20 ලෝක කුසලානය – අමෙරිකාව හා බටහිර ඉන්දීය කොදෙව් දූපත්
  • 2025 ශූරයින්ගේ කුසලානය – පාකිස්තානය
  • 2026 පන්දුවාර 20යි 20 ලෝක කුසලානය – ශ්‍රී ලංකාව හා ඉන්දියාව
  • 2027 එක්දින ලෝක කුසලානය – දකුණු අප්‍රිකාව, සිම්බාබ්වේ හා නැමීබියාව
  • 2028 පන්දුවාර 20යි 20 ලෝක කුසලානය – ඔස්ට්‍රේලියාව හා නවසීලන්තය
  • 2029 ශූරයින්ගේ කුසලානය – ඉන්දියාව
  • 2030 පන්දුවාර 20යි 20 ලෝක කුසලානය – එංගලන්තය, අයර්ලන්තය හා ස්කොට්ලන්තය
  • 2031 එක්දින ලෝක කුසලානය – ඉන්දියාව හා බංග්ලාදේශය
Leave a comment