Ultimate magazine theme for WordPress.

ශූරයින්ගේ කුසලානයට සුදුසුකම් ලබන්නේ මෙහෙමයි ; එංගලන්තය අවධානමේ – කොදෙව්වන් ඉවතට

2025 ශූරයින්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය (2025 Champions Trophy) සදහා කණ්ඩායම් තෝරා ගැනීම 2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය හරහා සිදු කෙරෙන බව මේ වන විට අනාවරණය කර තිබෙනවා.

ඒ අනුව මේ දිනවල පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටය අවසානයේ දී ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියෙන් පසුවන රටවල් 7 (පාකිස්තානය හැර) ශූරයින්ගේ කුසලාන තරගාවලිය සදහා සුදුසුකම් ලබා ගැනීමට නියමිතයි.

2025 ශූරයින්ගේ කුසලාන තරගාවලියේ සත්කාරක අයිතිය හිමි පාකිස්තානය ද තරගාවලියට මේ වන විටත් සුදුසුකම් ලබා අවසන්.

මෙම සුදුසුකම් ලැබීමේ ක්‍රමවේදය 2021 වසරේ දී ජගත් ක්‍රිකට් කවුන්සලය (අයි.සී.සී) විසින් අනුමත කර ඇති බව අයි.සී.සී ප්‍රකාශකයෙකු ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය වෙත තහවුරු කර තිබෙනවා.

මේ වන විට ප්‍රසාද ලකුණූ සටහනට අනුව බංග්ලාදේශය 9 වැනි ස්ථානයේත්, ලෝක ශූර එංගලන්තය 10 වැනි ස්ථානයේත් රැදී සිටිනවා. ඒ අනුව එම කණ්ඩායම් දෙකට ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියට පැමිණීමට නොහැකි වුවහොත් ඔවුන්ට 2025 ශූරයින්ගේ කුසලාන තරගාවලිය අහිමි වනු ඇති.

එමෙන්ම මෙම සුදුසුකම් ලැබීමේ ක්‍රමවේදය හේතුවෙන් ටෙස්ට් වරම් හිමි රටවල් වන බටහිර ඉන්දීය කොදෙව්, සිම්බාබ්වේ හා අයර්ලන්තය යන මෙවර ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් නොලැබූ රටවලට ද ශූරයින්ගේ කුසලාන තරගාවලියේ මීළග අදියර අහිමි වී තිබෙනවා.