Ultimate magazine theme for WordPress.

2023-27 ජාත්‍යන්තර තරග කාලසටහන (FTP) නිවේදනය කෙරේ ; ශ්‍රී ලංකා කාලසටහන මෙන්න

2023 වසරේ සිට 2027 වසර දක්වා වන ජාත්‍යන්තර ක්‍රිකට් තරග කාලසටහන (Men’s Future Tour Program)(FTP) ජගත් ක්‍රිකට් කවුන්සලය (අයි.සී.සී) විසින් අද (17) නිවේදනය කළා.

මෙම ජාත්‍යන්තර තරග කාලසටහනට අයි.සී.සී තරගාවලි හා ද්විපාර්ශ්වික තරගාවලි සියල්ල ඇතුළත්.

ටෙස්ට් වරම් හිමි රටවල් 12 මෙම කාලයේ දී ජාත්‍යන්තර තරග 777 ක් ක්‍රීඩා කිරීමට නියමිත බවයි අයි.සී.සී ය නිවේදනය කළේ.

ඊට ටෙස්ට් තරග 173 ක්, එක්දින තරග 281 ක් හා 20යි 20 තරග 323 ක් ඇතුළත්.

2023 වසරේ ඉන්දියාවේ දී පැවැත්වෙන එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ද ඇතුළත්ව අයි.සී.සී තරගාවලි 5 ක් මෙම කාලය තුළ දී පැවැත්වීමට නියමිතයි.

මීට පෙර නිවේදනය කර තිබූ පරිදිම බටහිර ඉන්දීය කොදෙව් දූපත් හී දී හා අමෙරිකාවේ දී 2024 වසරේ පැවැත්වෙන 20යි 20 ලෝක කුසලාන තරගාවලිය පැවැත්වීමට නියමිත අතර, 2025 වසරේ දී ශූරයින්ගේ කුසලාන තරගාවලිය පාකිස්තානයේ දී පැවැත්වීමට නියමිතයි.

2026 වසරේ දී 20යි 20 ලෝක කුසලානය ඉන්දියාවේ හා ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වෙනවා.

2027 එක්දින ලෝක කුසලානය පැවැත්වෙන්නේ දකුණු අප්‍රිකාව, සිම්බාබ්වේ හා නැමීබියාවේ සත්කාරකත්වයෙන්.

මීට අමතරව ලෝක ටෙස්ට් ශූරතාවලිය ද මෙම වසරවලදී ද ක්‍රියාත්මක වනවා.

එමෙන්ම 2023 සැප්තැම්බර් මාසයේ දී හා 2025 සැප්තැම්බර් මාසයේ දී ආසියානු කුසලාන තරගාවලිය ද පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකාවේ ඉදිරි තරග කාලසටහන – (ද්විපාර්ශ්වික හා තුන්කොන්)

  • ඉන්දියාවට එරෙහිව ඉන්දියාවේ දී එක්දින තරග 3ක් හා 20යි 20 තරග 3ක් (2023 ජනවාරි)
  • ඇෆ්ඝනිස්තානයට එරෙහිව මෙරට දී එක්දින තරග 3ක් (2023 ජනවාරි/පෙබරවාරි)
  • නවසීලන්තයට එරෙහිව නවසීලන්තයේ දී ටෙස්ට් තරග 2ක්, එක්දින තරග 3ක් හා 20යි 20 තරග 3ක් (මාර්තු/අප්‍රේල්)
  • අයර්ලන්තයට එරෙහිව මෙරට දී ටෙස්ට් තරගයක් හා එක්දින තරග 2ක් (2023 අප්‍රේල්)
  • පාකිස්තානයට එරෙහිව මෙරට දී ටෙස්ට් තරග 2ක් (2023 ජූලි)
  • සිම්බාබ්වේ පිලට එරෙහිව මෙරට දී එක්දින තරග 3ක් හා 20යි 20 තරග 3ක් (2024 ජනවාරි)
  • ඇෆ්ඝනිස්තානයට එරෙහිව මෙරට දී ටෙස්ට් තරගයක් හා 20යි 20 තරග 3ක් (2024 ජනවාරි/පෙබරවාරි)
  • බංග්ලාදේශයට එරෙහිව බංග්ලාදේශයේ දී ටෙස්ට් තරග 2ක්, එක්දින තරග 3ක් හා 20යි 20 තරග 3ක් (2024 පෙබරවාරි / මාර්තු)
  • ඉන්දියාවට එරෙහිව මෙරට දී එක්දින තරග 3ක් හා 20යි 20 තරග 3ක් (2024 ජූලි)
  • එංගලන්තයට එරෙහිව එංගලන්තයේ දී ටෙස්ට් තරග 2ක් (2024 අගෝස්තු / සැප්තැම්බර්)
  • නවසීලන්තයට එරෙහිව මෙරට දී ටෙස්ට් තරග 2ක් (2024 සැප්තැම්බර් / ඔක්තෝබර්)
  • බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව මෙරට දී එක්දින තරග 3ක් හා 20යි 20 තරග 3ක් (2024 ඔක්තෝබර්)
  • නවසීලන්තයට එරෙහිව මෙරට දී එක්දින තරග 3ක් හා 20යි 20 තරග 3ක් (2024 නොවැම්බර්)
  • දකුණු අප්‍රිකාවට එරෙහිව දකුණු අප්‍රිකාවේ දී ටෙස්ට් තරග 2ක් (2024 නොවැම්බර්/දෙසැම්බර්)
  • නවසීලන්තයට එරෙහිව නවසීලන්තයේ එක්දින තරග 3ක් හා 20යි 20 තරග 3ක් (2024 දෙසැම්බර්/2025 ජනවාරි)
  • ඔස්ට්‍රේලියාවට එරෙහිව මෙරට දී ටෙස්ට් තරග 2ක් (2025 ජනවාරි/පෙබරවාරි)
  • බංග්ලාදේශයට එරෙහිව මෙරට දී ටෙස්ට් තරග 2ක්, එක්දින තරග 3ක් හා 20යි 20 තරග 3ක් (2025 ජූලි)
  • සිම්බාබ්වේ පිලට එරෙහිව එරට දී එක්දින තරග 3ක් හා 20යි 20 තරග 3ක් (2025 සැප්තැම්බර්)
  • අයර්ලන්තයට එරෙහිව මෙරට දී එක්දින තරග 3ක් හා 20යි 20 තරග 3ක් (2025 නොවැම්බර්)
  • පාකිස්තානයට එරෙහිව පාකිස්තානයේ දී එක්දින තරග 3ක් හා 20යි 20 තරග 3ක් (2025 නොවැම්බර්/දෙසැම්බර්)
  • එංගලන්තයට එරෙහිව මෙරට දී එක්දින තරග 3ක් හා 20යි 20 තරග 3ක් (2026 ජනවාරි/පෙබරවාරි)
  • තරග සංචාරයක් ලෙස ඇෆ්ඝනිස්තානයට එරෙහිව එක්දින තරග 3ක් හා 20යි 20 තරග 3ක් (2026 මාර්තු)
  • බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව කොදෙව් දූපත්හී දී ටෙස්ට් තරග 2ක්, එක්දින තරග 3ක් හා 20යි 20 තරග 3ක් (2026 ජූනි/ජූලි)
  • ඉන්දියාවට එරෙහි මෙරට දී ටෙස්ට් තරග 2ක් (2026 අගෝස්තු)
  • එංගලන්තයට එරෙහිව එංගලන්තයේ දී එක්දින තරග 3ක් හා 20යි 20 තරග 3ක් (2026 සැප්තැම්බර්)
  • පාකිස්තානයට එරෙහිව පාකිස්තානයේ දී 20යි 20 තරග 3ක්, පාකිස්තානයට හා එංගලන්තයට එරෙහිව තුන්කොන් එක්දින තරගාවලියක් (එක්දින තරග 4ක්), පාකිස්තානයට එරෙහිව ටෙස්ට් තරග 2ක් (2026 ඔක්තෝබර්/නොවැම්බර්)
  • ඉන්දියාවට එරෙහිව ඉන්දියාවේ දී එක්දින තරග 3ක් හා 20යි 20 තරග 3ක් (2026 දෙසැම්බර්/2027 ජනවාරි)
  • නවසීලන්තයට එරෙහිව නවසීලන්තයේ දී ටෙස්ට් තරග 2ක්, එක්දින තරග 3ක් හා 20යි 20 තරග 3ක් (2027 ජනවාරි/පෙබරවාරි)
  • දකුණු අප්‍රිකාවට එරෙහිව මෙරට දී ටෙස්ට් තරග 2ක් (2027 මාර්තු)
Leave a comment