2023-24 ගිම්හාන තරග වාරයේ ඔස්ට්‍රේලියානු ජාත්‍යන්තර තරග කාලසටහන නිවේදනය කෙරේ
2023-24 ගිම්හාන තරග වාරයේ සිය ජාත්‍යන්තර තරග කාලසටහන ඔස්ට්‍රේලියාව විසින් නිවේදනය කර තිබෙනවා.
ඒ අනුව ගිම්හාන තරග වාරය ආරම්භ කරමින් ඔස්ට්‍රේලියාව හා පාකිස්තානය අතර තරග 3කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියක් දෙසැම්බර් මාසයේ දී ආරම්භ වීමට නියමිතයි.
දෙසැම්බර් 14 වැනිදා පර්ත් හී දී ආරම්භ වන එම තරගාවලිය 2023-25 ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතට ද අයත් වනවා.
සාම්ප්‍රදායික බොක්සිං දින ටෙස්ට් තරගය මෙල්බර්න් හී දී දෙසැම්බර් 26 වැනිදා ආරම්භ වීමට නියමිත අතර, අවසන් ටෙස්ට් තරගය සිඩ්නි හීදී ලබන වසර ආරම්භයත් සමග පැවැත්වීමට නියමිතයි.
අනතුරුව ඔස්ට්‍රේලියාව හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තරග 2කින් යුත් ටෙස්ට් තරගාවලියක් පැවැත්වීමට නියමිත අතර, පසුව දෙරට අතර තරග 3 බැගින් යුත් එක්දින හා 20යි 20 තරගාවලියක් ද පැවැත්වීමට නියමිතව තිබෙනවා.
මේ අතර, ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායමේ ජාත්‍යන්තර තරග කාලසටහන ද ඔස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය විසින් නිවේදනය කර තිබෙනවා.
- Men’s schedule:
Test series vs Pakistan
14-18 December: First Test, Perth Stadium
26-30 December: Second Test, MCG
3-7 January: Third Test, SCG
Test Series v West Indies
17-21 January: First Test, Adelaide Oval
25-29 January: Second Test, Gabba
ODI Series vs West Indies
2 February: First ODI, MCG
4 February: Second ODI, SCG
6 February: Third ODI, Manuka Oval, Canberra
T20I Series v West Indies
9 February: First T20I, Blundstone Arena, Hobart
11 February: Second T20I, Adelaide Oval
13 February: Third T20I, Perth Stadium
- Women’s Schedule:
T20I Series vs West Indies
1 October: First T20I, North Sydney Oval
2 October: Second T20I, North Sydney Oval
5 October: Third T20I, Allan Border Field, Brisbane
ODI Series vs West Indies
8 October: Allan Border Field, Brisbane
12 October: Junction Oval, Melbourne
15 October: Junction Oval, Melbourne
T20I Series vs South Africa
27 January: Manuka Oval, Canberra
28 January: Manuka Oval, Canberra
30 January: Blundstone Arena, Hobart
ODI Series vs South Africa
3 February: Adelaide Oval
7 February: North Sydney Oval
10 February: North Sydney Oval
One-off Test Match vs South Africa
15-18 February: Only Test, WACA Ground, Perth