Ultimate magazine theme for WordPress.

2023 ලෝක කුසලානයේ දේශීය රූපවාහිනී විකාශන අයිතිය හිමි කර ගත් නාලිකාව මෙන්න

ADVERTISEMENT

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ මෙරට නිල දේශීය රූපවාහිනී විකාශන අයිතිය හිමි කර ගත් නාලිකාව අද(7) ප්‍රකාශයට පත් කෙරුණා.

ඒ අනුව සිරස මාධ්‍ය ජාලය විසින් ලෝක කුසලාන තරගාවලියේ ද මෙරට නිල දේශීය රූපවාහිනී විකාශන අයිතිය හිමි කර ගැනීමට සමත්ව තිබෙනවා.

මේ දිනවල පැවැත්වෙන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ද මෙරට නිල දේශීය රූපවාහිනී විකාශන අයිතිය සතු වන්නේ සිරස මාධ්‍ය ජාලයටයි.

මෙවර ඉන්දියාවේ පැවැත්වීමට නියමිත ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඔක්තෝබර් 5 වැනිදා ආරම්භ වීමට නියමිතයි.

ශ්‍රී ලංකාවට අමතරව ඔස්ට්‍රේලියාව, ඉන්දියාව, එංගලන්තය, පාකිස්තානය, බංග්ලාදේශය, ඇෆ්ඝනිස්තානය, නවසීලන්තය, දකුණු අප්‍රිකාව හා නෙදර්ලන්තය යන රටවල් ද ලෝක කුසලානය සදහා තරග කිරීමට නියමිතයි.

ලෝක කුසලාන තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන පළමු තරගය පැවැත්වෙන්නේ ඔක්තෝබර් 7 වැනිදා දිල්ලි හී දී දකුණු අප්‍රිකාවට එරෙහිවයි.

Leave a comment