2022-25 අයි.සී.සී කාන්තා ශූරතාවලිය : ශ්‍රී ලංකාවේ ප්‍රතිවාදී රටවල් 8 නිවේදනය කෙරේ

අයි.සී.සී කාන්තා ශූරතාවලියේ (ICC Women’s Championship) මීළග අදියර සදහා තවත් කණ්ඩායම් දෙකක් ඇතුළත් කිරීමට ජගත් ක්‍රිකට් කවුන්සලය (අයි.සී.සී) පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව 2022-25 කාලයට අදාළ අයි.සී.සී කාන්තා ශූරතාවලියට අයත් නවතම අදියර සදහා මේ වන විට කාන්තා එක්දින ශ්‍රේණිගත කිරීම්හි 9 වැනි හා 10 වැනි ස්ථානවල රැදී සිටින බංග්ලාදේශය හා අයර්ලන්තය ඇතුළත්.
ඔවුන්ට අමතරව ඔස්ට්‍රේලියාව, එංගලන්තය, ඉන්දියාව, නවසීලන්තය, පාකිස්තානය, දකුණු අප්‍රිකාව, ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් යන රටවල් ද සුපුුරුදු පරිදි නවතම අදියර සදහා ද එක් වීමට නියමිතයි.
ඒ අනුව අයි.සී.සී කාන්තා ශූරතාවලියේ 2022-25 අදියරට එක්වන කණ්ඩායම් ගණන 10ක්.
මෙම අදියරේ දී සෑම රටක්ම ඉදිරි වසර 3ක කාලය තුළ තරග 3 බැගින් යුත් එක්දින තරගාවලි 8ක් ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙනවා.
ඉන් තරගාවලි 4ක් සිය රටේ දී ද, අනෙක් තරගාවලි 4 සංචාර ලෙස ද ක්‍රීඩා කළ යුතුයි.
එම අදියර අවසානයේ දී අයි.සී.සී කාන්තා ශූරතාවලියේ ඉදිරියෙන්ම පසුවන රටවල් 5 හා 2025 කාන්තා ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සත්කාරක රට එම ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් සෘජුවම සුදුසුකම් ලබා ගන්නවා.
සෙසු කණ්ඩායම්වලට ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමට සිදු වන්නේ ඊට අදාළ සුදුසුකම් ලැබීමේ තරගාවලිය සදහා ක්‍රීඩා කරමින්.
ජූනි පළමු වැනිදා සිට පාකිස්තාන කාන්තා කණ්ඩායම හා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර කරච්චියේ දී පැවැත්වෙන එක්දින තරගාවලියෙන් 2022-25 කාලයට අදාළ අයි.සී.සී කාන්තා ශූරතාවලිය ආරම්භ වනවා.
පාකිස්තානය හැරුණු විට ශ්‍රී ලංකා කණ්ඩායම මෙම අදියරේ දී එංගලන්තය, දකුණු අප්‍රිකාව හා අයර්ලන්තය යන කණ්ඩායම් සමග එම රටවලදී තරග වැදීමට නියමිතයි.
ඊට අමතරව ඉන්දියාව, නවසීලන්තය, බංග්ලාදේශය හා බටහිර ඉන්දීය කොදෙව් යන කාන්තා කණ්ඩායම් මෙරට තරග සංචාරවලද නිරත වීමට නියමිතව තිබෙනවා.
මේ අතර, නෙදර්ලන්තය, පැපුවා නිව් ගිනියාව, ස්කොට්ලන්තය, තායිලන්තය හා ඇමෙරිකා එක්සත් ජනපදය යන රටවල්වල කාන්තා කණ්ඩායම්වලට වහාම ක්‍රියාත්මක වන පරිදි එක්දින තත්ත්වය ලබා දීමට ද අයි.සී.සීය තීරණය කර තිබෙනවා.
2022-25 අදියරේ දී ඒ ඒ කණ්ඩායම්වලට ලැබී ඇති ප්‍රතිවාදී රටවල් –
Australia
Home: India, South Africa, Pakistan, West Indies
Away: England, New Zealand, Bangladesh, Ireland
Bangladesh
Home: India, Australia, Pakistan, Ireland
Away: New Zealand, South Africa, Sri Lanka, West Indies
England
Home: India, Australia, Pakistan, Sri Lanka
Away: New Zealand, South Africa, Ireland, West Indies
India
Home: New Zealand, South Africa, Ireland, West Indies
Away: England, Australia, Bangladesh, Sri Lanka
Ireland
Home: England, Australia, South Africa, Sri Lanka
Away: India, Bangladesh, Pakistan, West Indies
New Zealand
Home: England, Australia, Bangladesh, Pakistan
Away: India, South Africa, Sri Lanka, West Indies
Pakistan
Home: South Africa, Ireland, Sri Lanka, West Indies
Away: England, New Zealand, Australia, Bangladesh
South Africa
Home: England, New Zealand, Bangladesh, Sri Lanka
Away: India, Australia, Pakistan, Ireland
Sri Lanka
Home: India, New Zealand, Bangladesh, West Indies
Away: England, South Africa, Pakistan, Ireland
West Indies
Home: England, New Zealand, Bangladesh, Ireland
Away: India, Australia, Pakistan, Ireland