ඉන්දියාවට එරෙහි ශ්‍රී ලංකා T 20 සංචිතය ප්‍රකාශයට පත් කෙරේ
ශ්‍රී ලංකා කණ්ඩායමේ එළඹෙන ඉන්දීය තරග සංචාරය සදහා වන ශ්‍රී ලංකා 20යි 20 සංචිතය අද (21) නිවේදනය කෙරුණා.
දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 18 දෙනෙකු ඇතුළත්.
මෙම සංචිතය සදහා ද භානුක රාජපක්ෂ ඇතුළත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන නැහැ.
නිමා වූ ඔස්ට්‍රේලියානු තරගාවලිය සදහා නම් කෙරුණු සංචිතය හා සැසදීමේ දී මෙම සංචිතය සදහා වෙනස්කම් කිහිපයක් සිදු කර තිබෙනවා.
ඒ අනුව දකුණත් දග පන්දු යවන ක්‍රීඩක අශේන් ඩැනියල් සංචිතයට කැදවීමටයි පියවර ගෙන ඇත්තේ.
නුවන් තුෂාර, රමේෂ් මෙන්ඩිස් හා අවිශ්ක ප්‍රනාන්දු නිමා වූ ඔස්ට්‍රේලියානු තරග සංචාරය අතරතුර දී ආබාධවලට ලක් වූ අතර, ඔවුන් මෙම තරගාවලියට නම් කර නැහැ.
එම සංචාරයේ දී කොවිඩ් 19 ආසාදනය වූ බිනුර ප්‍රනාන්දු හා වනිදු හසරංග ඉන්දීය තරගාවලිය වෙනුවෙන් නම් කර තිබෙනවා.
ඔස්ට්‍රේලියානු තරගාවලියේ දී ඉහළ දක්ෂතා ප්‍රදර්ශනය කිරීමට අපොහොසත් වූ ධනුෂ්ක ගුණතිලක ද ඉන්දියාවට එරෙහි ශ්‍රී ලංකා 20යි 20 සංචිතයට ඇතුළත්.
ඉන්දු – ශ්‍රී ලංකා පළමු 20යි 20 තරගය පෙබරවාරි 24 වනදා ලක්නව් හී දී ද, දෙවැනි හා තෙවැනි 20යි 20 තරග දෙක එළඹෙන 26 වනදා හා 27 වනදා ධරම්සාලා හී දී ද පැවැත්වීමට නියමිතයි.
ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතට අයත් තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියේ පළමු තරගය මාර්තු 4 වැනිදා මොහාලි ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.
දෙවැනි ටෙස්ට් තරගය මාර්තු 12 වැනිදා බැංගලූරු ක්‍රීඩාංගනයේ දී දිවා රාත්‍රී තරගයක් ලෙස ආරම්භ වීමට නියමිත බවයි ඉන්දීය ක්‍රිකට් ආයතනය සදහන් කළේ.
ටෙස්ට් තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා සංචිතය මෙතෙක් නිවේදනය කර නැහැ.
ශ්‍රී ලංකා 20යි 20 සංචිතය –
01) Dasun Shanaka – Captain
02) Pathum Nissanka
03) Kusal Mendis
04) Charith Asalanka – Vice-Captain
05) Dinesh Chandimal
06) Danushka Gunathilaka
07) Kamil Mishara
08) Janith Liyanage
09) Wanindu Hasaranga
10) Chamika Karunaratne
11) Dushmantha Chameera
12) Lahiru Kumara
13) Binura Fernando
14) Shiran Fernando
15) Maheesh Theekshana
16) Jeffrey Vandersay
17) Praveen Jayawickrama
18) Ashian Daniel – Subjected to Ministerial approval