Ultimate magazine theme for WordPress.

20යි 20 ලෝක කුසලානය ගැන විශේෂ සාකච්ඡාවක්

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය සහ ජගත් ක්‍රිකට් කවුන්සලය අතර හෙට(8) දිනයේ දී විශේෂ සාකච්ඡාවක් සිදු වීමට නියමිත බව වාර්තා වනවා.

ඒ, කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සමග අර්බුදයකට ලක්ව ඇති එළඹෙන පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සම්බන්ධයෙන්.

times of india වාර්තා කර ඇත්තේ අදාළ සාකච්ඡාව දුරකතන මාර්ග ඔස්සේ සිදු වීමට නියමිතව ඇති බවයි.

මීට පෙර ලෝක කුසලානය සම්බන්ධයෙන් පසුගිය 23 වනදා පැවැති ජගත් ක්‍රිකට් කවුන්සලයේ ප්‍රධාන විධායක නිළධාරී කමිටු රැස්වීමේ දී ද අවධානයට යොමු වුණා.

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හමුවේ වුවද 20යි 20 ලෝක කුසලානය සැලසුම් කළ පරිදි පැවැත්විය හැකි වනු ඇති බවටයි ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය විශ්වාසය පල කරන්නේ.

Leave a comment