Ultimate magazine theme for WordPress.

20යි 20 ලෝක කුසලානය කල් දැමීමේ සූදානමක් නැහැ – ICC

ජගත් ක්‍රිකට් කවුන්සලයේ (අයි.සී.සී) වත්මන් සභාපති ශශාන්ක් මනෝහාර් තෙවැනි වරටත් ධූරයට පත් වීම සදහා තරග නොකරන බව අයි.සී.සීය අද(27) නිවේදනය කළා.

නව සභාපතිවරයා තෝරා ගන්නා ආකාරය සම්බන්ධයෙන් ඊයේ දිනයේ පැවැති අයි.සී.සී රැස්වීමේ දී ද සාකච්ඡා වී ඇතත්, නිළවරණය පැවැත්වෙන ආකාරය සම්බන්ධයෙන් අවසන් තීරණයකට එහිදී එළඹ නැහැ.

ඒ අනුව හෙට(28) පැවැත්වෙන මීළග අයි.සී.සී රැස්වීමේ දී ද මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතයි.

තෙවන වරටත් ධූරයට පත් වීමට වත්මන් සභාපතිවරයා සූදානම් නොවූවද, නව සභාපතිවරයාට ධූරය භාර දෙන තුරු ජගත් ක්‍රිකට් කවුන්සලය සමග සහයෝගයෙන් කටයුතු කිරීමට ඔහු සූදානම්ව සිටින බව සදහන්.

මේ අතර, 2020 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය කල් දමන බවට පල වන වාර්තා අසත්‍ය බව ජගත් ක්‍රිකට් කවුන්සලය පවසනවා.

කොරෝනා වසංගත අර්බුදය හමුවේ තරගාවලිය පැවැත්විය හැකි ආකාර සම්බන්ධයෙන් සැලසුම් ගණනාවක් මේ වන විට අධ්‍යනය කරමින් සිටින බවයි අයි.සී.සීය නිකුත් කළ නිවේදනයේ සදහන් වන්නේ.

Leave a comment