Ultimate magazine theme for WordPress.

20යි 20 නායකත්වය මැතිව්ස්ට හිමිවන ලකුණු

බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරයේ දී ශ්‍රී ලංකා 20යි 20 කණ්ඩායම මෙහෙයවීමේ වගකීම හිටපු නායක ඇන්ජෙලෝ මැතිව්ස්ට හිමිවනු ඇති බව වාර්තා වනවා.

ඒ, අදාළ තරග සංචාරයේ දී 20යි 20 කණ්ඩායමේ නායකයා ලෙස නම් කර සිටි දසුන් ශානකට වීසා ගැටලුවක් හේතුවෙන් කොදෙව් දේශය බලා පිටත්ව යාමට තවමත් නොහැකි වී ඇති බැවින්. ALSO READ : දසුන්ගේ ගමන් බලපත්‍රය නැති වෙයි – කොදෙව් සංචාරයට පිටව යාමටත් නොහැකි වෙයි

දසුන් ශානක එරටට ළගා වීමෙන් පසුව දින 3ක කාලයක් නිරෝධායනයට ද ලක් විය යුතුයි.

ඒ හේතුවෙන් ඔහුට 20යි 20 තරගාවලියම අහිමි වනු ඇති බවයි වාර්තා වන්නේ.

දෙරට අතර පැවැත්වෙන පළමු 20යි 20 තරගය ලබන 3 වනදා ඇන්ටිගුවාහී දී පැවැත්වීමට නියමිතයි.

ALSO READ : “විදෙස් ගමන් බලපත්‍රය අස්ථානගත වුණේ වසර දෙකකට පෙරයි” : දසුන් ශානක

Leave a comment