Ultimate magazine theme for WordPress.

ශ්‍රී ලංකාවට 20යි 20 තරග 18ක්, එක්දින තරග 15ක් – වසරේ කාලසටහන මෙන්න

පසුගිය වසරේ දී කොරෝනා වසංගතයත් සමග ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලි රැසක් කල් දැමීමට සිදු වීම හේතුවෙන් මෙම වසරේ දී සෑම කණ්ඩායමකටම ඉතා කාර්යය බහුල තරග කාලසටහනක් පවතිනවා.

ශ්‍රී ලංකා කණ්ඩායමට ද එම තත්ත්වයේ වෙනසක් නැහැ.

මෙම වසරේ දී ශ්‍රී ලංකා කණ්ඩායම ද්විපාර්ශ්වික තරගාවලි යටතේ අවම වශයෙන් 20යි 20 ජාත්‍යන්තර තරග 18කට ක්‍රීඩා කිරීමට නියමිතයි.

ඊට අමතරව ආසියානු කුසලාන තරගාවලිය සදහා සහ 20යි 20 ලෝක කුසලාන තරගාවලියට ද ශ්‍රී ලංකාව තරග වදිනු ඇති.

මෙම වසරේ දී ශ්‍රී ලංකාවට ක්‍රීඩා කිරීමට නියමිතව ඇති එක්දින ජාත්‍යන්තර තරග සංඛ්‍යාව 15ක්.

එළඹෙන 22 වනදා ආරම්භ වන එංගලන්තයට එරෙහි දෙවැනි ටෙස්ට් තරගය හැරුණු විට ශ්‍රී ලංකාව තවත් ටෙස්ට් තරග පහකට මෙම වසරේ දී ක්‍රීඩා කිරීමට නියමිතව සිටිනවා.

ඒ අනුව එංගලන්ත තරගාවලියෙන් පසුව ශ්‍රී ලංකාව බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි තරග සංචාරයක නිරත වන්නේ ටෙස්ට් තරග දෙකකට, එක්දින තරග 3කට සහ 20යි 20 තරග 3කට ක්‍රීඩා කිරීම සදහායි.

අනතුරුව බංග්ලාදේශයට එරෙහිව මෙරට දී ටෙස්ට් තරග දෙකක් ද පැවැත්වීම සදහා කටයුතු සැලසුම් කරමින් පවතිනවා.

එම තරගාවලියෙන් පසුව අයර්ලන්තයට එරෙහි ටෙස්ට් තරගයක් ද මෙරට දී පැවැත්වෙනු ඇති.

අනතුරුව එක්දින තරග 3ක් ක්‍රීඩා කිරීම සදහා බංග්ලාදේශ තරග සංචාරයක නිරත වන ශ්‍රී ලංකා කණ්ඩායම, පසුව තරග 3 බැගින් වන එක්දින සහ 20යි 20 තරගාවලි ක්‍රීඩා කිරීම සදහා එංගලන්ත තරග සංචාරයක නිරත වනවා.

ඉන්දියාව, දකුණු අප්‍රිකාව, ස්කොට්ලන්තය සහ ඇෆ්ඝනිස්තානය යන රටවල් ශ්‍රී ලංකා තරග සංචාරවල නිරත වීමට ද නියමිතව ඇත්තේ සීමිත පන්දුවාර තරගාවලි සදහායි.

එම සියලු කණ්ඩායම්වලට එරෙහිව 20යි 20 තරග 3 බැගින් පැවැත්වෙන අතර, දකුණු අප්‍රිකාවට සහ ඇෆ්ඝනිස්තානයට එරෙහිව එක්දින තරග 3 බැගින් ද පැවැත්වෙනු ඇති.

Leave a comment