Ultimate magazine theme for WordPress.

20යි 20 තරග 15ක් සහිත කොදෙව් කණ්ඩායමේ ඉදිරි තරග කාලසටහන එළිදකියි

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ආයතනය විසින් සිය ඉදිරි ජාත්‍යන්තර තරග කාලසටහන අද(14) ප්‍රකාශයට පත් කළා.

ඒ අනුව කොදෙව්වන් ඉදිරියේ දී දකුණු අප්‍රිකාවට, ඔස්ට්‍රේලියාවට සහ පාකිස්තානයට එරෙහිව සිය රටේ දී තරගාවලි ක්‍රීඩා කිරීමට නියමිතයි.

එහිදී කොදෙව්වන් 20යි 20 තරග 15ක් ක්‍රීඩා කිරීමට නියමිතව තිබීම කැපී පෙනනවා.

ජූනි සිට අගෝස්තු මාසය දක්වා ඔවුන්ගේ ගිම්හාන ජාත්‍යන්තර තරග වාරය ක්‍රියාත්මක වන අතර, එය ආරම්භ වන්නේ දකුණු අප්‍රිකාවට එරෙහි ටෙස්ට් සහ 20යි 20 තරගාවලියක් සමගින්.

එය පසුගිය වසරේ දී පැවැත්වීමට නියමිතව තිබූ තරගාවලියක්.

තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලිය ජූනි 10 වනදා ආරම්භ වන අතර, තරග 5කින් යුත් 20යි 20 තරගාවලිය ජූනි 26 වනදා ආරම්භ වනු ඇති.

මෙය 2010 වසරෙන් පසුව දකුණු අප්‍රිකා කණ්ඩායම කොදෙව්වන්ට එරෙහිව එරට දී ද්විපාර්ශ්වික තරග සංචාරයක නිරත වන පළමු අවස්ථාව වීම විශේෂත්වයක්.

අනතුරුව කොදෙව්වන් ඔස්ට්‍රේලියාවට එරෙහිව 20යි 20 තරග 5කින් යුත් තරගාවලියකට සහ තරග 3කින් යුත් එක්දින තරගාවලියකට ක්‍රීඩා කිරීමට නියමිතයි.

ජූලි 24 වනදා එය අවසන් වීමත් සමග ජූලි 27 වනදා සිට තරග 5කින් යුත් තවත් 20යි 20 තරගාවලියක් ආරම්භ වීමට නියමිතව ඇත්තේ පාකිස්තානයට එරෙහිවයි.

20යි 20 තරගාවලිය අවසානයේ දී පාකිස්තානය සහ කොදෙව්වන් අතර ටෙස්ට් තරග දෙකක් ද පැවැත්වීමට නියමිතව තිබෙනවා.

තරග කාලසටහන –

West Indies vs South Africa

1st Test – June 10-14, Daren Sammy Stadium, St Lucia

2nd Test – June 18-22, Daren Sammy Stadium, St Lucia

1st T201 – June 26, Grenada National Cricket Stadium

2nd T20I – June 27, Grenada National Cricket Stadium

3rd T20I – June 29, Grenada National Cricket Stadium

4th T20I – July 1, Grenada National Cricket Stadium

5th T20I – July 3, Grenada National Cricket Stadium

West Indies vs Australia

1st T20I – July 9, Daren Sammy Stadium, St Lucia

2nd T20I – July 10, Daren Sammy Stadium, St Lucia

3rd T20I – July 12, Daren Sammy Stadium, St Lucia

4th T20 – July 14, Daren Sammy Stadium, St Lucia

5th T20I – July 16, Daren Sammy Stadium, St Lucia

1st ODI – July 20, Kensington Oval, Barbados

2nd ODI – July 22, Kensington Oval, Barbados

3rd ODI – July 24, Kensington Oval, Barbados

West Indies vs Pakistan

1st T20I – July 27, Kensington Oval, Barbados

2nd T20I – July 28, Kensington Oval, Barbados

3rd T20I – July 31, Guyana National Stadium

4th T20 – August 1, Guyana National Stadium

5th T20I – August 3, Guyana National Stadium

1st Test – August 12-16, Sabina Park, Jamaica

2nd Test – August 20-24, Sabina Park, Jamaica

Leave a comment