Ultimate magazine theme for WordPress.

20යි 20 තරගාවලිය ගැන ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය මත ගැටුමක

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය අතර මත ගැටුමක් හට ගෙන ඇති බව වාර්තා වනවා.

ඒ, බංග්ලදේශ කණ්ඩායමේ එළඹෙන ශ්‍රී ලංතා තරග සංචාරයට පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියක් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් අවධානය යොමුවීමත් සමගයි.

දෙරට අතර ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ ටෙස්ට් තරග 3කින් යුත් තරගාවලියක් ජූලි සහ අගෝස්තු මාසවල දී පැවැත්වීමට නියමිතව තිබූ නමුත්, කොරෝනා වසංගතය හේතුවෙන් එය කල් දැමුණා.

ඒ අනුව කල් දැමුණු තරග සංචාරය එළඹෙන ඔක්තෝම්බර් මාසයේ මැද භාගයේ දී ආරම්භ කිරීමට මේ වන විට දෙරටේ ක්‍රිකට් ආයතනවල අවධානය යොමුව තිබෙනවා.

එහිදී ටෙස්ට් තරගාවලියට අමතරව 20යි 20 තරගාවලියක් ද පැවැත්වීමටයි දෙරටේ ක්‍රිකට් ආයතනවල අවධානය යොමුව ඇත්තේ.

බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයට අවශ්‍ය වී ඇත්තේ ටෙස්ට් තරග 3ට අමතරව 20යි 20 තරග 3ක් ද තරග සංචාරයට ඇතුළත් කිරීමටයි.

කෙසේ වෙතත්, ටෙස්ට් තරග 3න් එක් තරගයක් වෙනුවට 20යි 20 තරග 3 ක් පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අවශ්‍ය වී ඇති බව ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය වාර්තා කළා.

තරග සංචාරය සදහා ශ්‍රී ලංකා රජයේ අනුමැතිය ද අවශය වන අතර, බංග්ලාදේශ කණ්ඩායම සැප්තැම්බර් 24 වනදා  දිවයිනට පැමිණීමට සැලසුම් කර තිබෙනවා.

Leave a comment