20යි 20 ලෝක කුසලානයේත් නිපන්දු තීරණය කිරීමේ බලය තෙවන විනිසුරුට

0 316

තෙවන විනිසුරු විසින් නිපන්දු තීරණය කිරීමේ ක්‍රමවේදය පළමු වරට අයි.සී.සී තරගාවලියක් සදහා යොදා ගැනීමට ජගත් ක්‍රිකට් කවුන්සලය තීරණය කර තිබෙනවා.

ඒ අනුව එළඹෙන 21 වනදා ඔස්ට්‍රේලියාවේ දී ආරම්භ වන පන්දුවාර 20යි 20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා මෙම ක්‍රමවේදය යොදා ගනු ඇති.

පන්දු යවන්නියන් විසින් යවනු ලබන පන්දු තෙවන විනිසුරු විසින් නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව ඔවුන් නිපන්දු යවනු ලැබුවහොත් පමණක් ඒ පිළිබදව පිටියේ විනිසුරු දැනුවත් කිරීමට මෙහිදී තෙවන විනිසුරු කටයුතු කරනවා.

පසුව එය නිපන්දුවක් ලෙස සංඥා කිරීම සිදු කරන්නේ පිටියේ විනිසුරු විසින්.

ඒ අනුව පිටියේ විනිසුරුවන් විසින් සීමා ඉරෙන් පිට පාදය තැබීමේ නිපන්දු නිරීක්ෂණය කිරීමක් මෙම තරගාවලියේ දී සිදු කරන්නේ නැහැ.

කෙසේ වෙතත්, සෙසු සියලු ආකාරයේ නිපන්දු නිරීක්ෂණය කිරීමේ වගකීම සුපුරුදු පරිදි පිටියේ විනිසුරුවන්ට පැවරෙනු ඇති.

මීට පෙර තරග 12කදී මෙම ක්‍රමවේදය අත්හදා බැලුණු අතර, එහිදී පන්දු 4717ක් තුළින් නිපන්දු ලෙස තෙවන විනිසුරු විසින් තීරණය කළ පන්දු සංඛ්‍යාව 13ක්.

You might also like

Leave A Reply

Your email address will not be published.