20යි 20 ලෝක කුසලානයට ඉන්දීය සංචිතය අද නම් කෙරේ

එළඹෙන පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා වන ඉන්දීය සංචිතය අද(12) නම් කිරීමට නියමිතව ඇති බව එරට මාධ්‍ය වාර්තා කරනවා.
අද පස්වරුවේ දී මාර්ගගත ක්‍රමවේද (online) ඔස්සේ පැවැත්වෙන රැස්වීමකදී ඉන්දීය සංචිතය තේරීමේ කටයුතු සිදු කිරීමට නියමිතයි.
ආසියානු කුසලාන තරගාවලිය අතරතුර දී ආබාධයකට ලක් වූ රවීන්ද්‍ර ජඩේජාට ඔක්තෝබර් 16 වැනිදා ඔස්ට්‍රේලියාවේ දී ආරම්භ වීමට නියමිත මෙම ලෝක කුසලාන තරගාවලිය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වනු ඇති.
ආබාධවලට ලක්වීම හේතුවෙන් නිමා වූ ආසියානු කුසලාන තරගාවලියට ක්‍රීඩා නොකළ වේග පන්දු යවන්නන් වන ජස්ප්‍රිට් බුම්රා හා හර්ෂාල් පටෙල් 20යි 20 ලෝක කුසලානය සදහා නම් කිරීමට ඉඩ පවතිනවා.
ඔවුන් දෙදෙනාගේ පැමිණීමත් සමග අවේශ් ඛාන්ට සංචිතයේ සිය ස්ථානය අහිමි වීමට ඉඩ පවතින අතර, ආසියානු කුසලානයට නම් කෙරුණු තවත් ක්‍රීඩකයින් කිහිපදෙනෙකුට ද ලෝක කුසලාන සංචිතයේ ස්ථාන අහිමි වනු ඇති.