Ultimate magazine theme for WordPress.

20යි 20 පහට ඇෆ්ඝනිස්තාන සංචිතය නම් කෙරේ ; මුජීබ්ට වීසා ප්‍රශ්නයක්

එළඹෙන අයර්ලන්ත තරග සංචාරය සදහා වන ඇෆ්ඝනිස්තාන 20යි 20 සංචිතය එරට ක්‍රිකට් තේරීම් කමිටුව විසින් නම් කර තිබෙනවා.

මොහමඩ් නබීගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 16 දෙනෙකු ඇතුළත්.

Belfast හී දී පැවැත්වෙන 20යි 20 තරගාවලියට තරග 5 ක් ඇතුළත් අතර, එළඹෙන ආසියානු කුසලාන තරගාවලිය සදහා හා පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා ඇෆ්ඝනිස්තාන කණ්ඩායමට සූදානම් වීමේ ප්‍රධාන අරමුණිනුයි මෙම තරගාවලිය සංවිධාන කර ඇත්තේ.

අගෝස්තු 9 වැනිදා සිට 17 වැනිදා දක්වා තරගාවලිය පැවැත්වීමට නියමිතයි.

මුජීබ් රහ්මාන්ට මෙතෙක් වීසා නොලැබීම හේතුවෙන් ඔහු අතිරේක ක්‍රීඩකයෙකු ලෙසයි නම් කර ඇත්තේ.

T20I Squad :

Mohammad Nabi (C), Afsar Zazai, Azmatullah Omarzai, Darwish Rasooli, Farid Ahmad Malik, Fazal Haq Farooqi, Hashmatullah Shahidi, Hazratullah Zazai, Ibrahim Zadran, Karim Janat, Najibullah Zadran, Naveen ul Haq, Noor Ahmad, Rahmanullah Gurbaz, Rashid Khan, Sharafuddin Ashraf.

Reserves :

Mujib ur Rahman, Nijat Masoud, Qais Ahmad, Usman Ghani

Schedule :
09 August – 1st T20I, Belfast
11 August – 2nd T20I, Belfast
12 August – 3rd T20I, Belfast
15 August – 4th T20I, Belfast
17 August – 5th T20I, Belfast