20යි 20 කණ්ඩායමේ නායකත්වය සූර්යකුමාර්ට ; සංචිතය මෙන්න

ඔස්ට්‍රේලියාව සමග පැවැත්වීමට නියමිත තරග 5 කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය සදහා වන ඉන්දීය සංචිතය නම් කර තිබෙනවා.
ප්‍රධාන ක්‍රීඩකයින් රැසක් මෙම තරගාවලියෙන් විවේක ගන්වා ඇති අතර, සංචිතයේ නායකත්වය හිමිව ඇත්තේ සූර්යකුමාර් යාදව්ටයි.
ලෝක කුසලාන තරගාවලිය අතරතුර දී ආබාධයකට ලක් වූ හර්ඩික් පාන්ඩ්යාට මෙම තරගාවලිය ද අහිමි වී ඇති බැවින් මෙම පත් කිරීම සිදු කර තිබෙනවා.
රුටුරාජ් ගයික්වඩ් කණ්ඩායමේ උප නායකයා ලෙස පත් කර ඇතත්, අවසන් 20යි 20 තරග දෙකේ දී ෂ්රෙයස් අයියර් උප නායකයා ලෙස සංචිතය සමග එක්වීමට නියමිත බවයි එරට ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කළේ.
අයර්ලන්තය සමග පැවැති 20යි 20 තරගාවලියට ක්‍රීඩා කළ ක්‍රීඩකයින් රැසක් මෙම තරගාවලියට නම් කර තිබෙනවා. කෙසේ වෙතත්, එම තරගාවලියේ දී කණ්ඩායමේ නායකත්වය දැරූ ජස්ප්‍රිට් බුම්රා මෙම තරගාවලියෙන් විවේක ගැන්වීමටයි තීරණය කර ඇත්තේ.
ලෝක කුසලාන තරගාවලිය සදහා වූ ඉන්දීය සංචිතයට ඇතුළත්ව සිටි ප්‍රසිද් ක්‍රිෂ්නා ද ඔස්ට්‍රේලියාවට එරෙහි 20යි 20 සංචිතයට ඇතුළත්.
ආබාධයක් හේතුවෙන් නිමා වූ ලෝක කුසලාන තරගාවලිය අහිමි වූ අක්සාර් පටෙල් මෙම සංචිතයට නම් කර තිබෙනවා.
දෙරට අතර පැවැත්වෙන තරග 5කින් යුත් 20යි 20 තරගාවලිය එළඹෙන 23 වැනිදා විසාකාපට්නම් හී දී ආරම්භ වීමට නියමිත අතර, අවසන් 20යි 20 තරගය එළඹෙන තුන්වැනිදා බැංගලූරුහී දී පැවැත්වීමට නියමිතයි.
මෙම තරගාවලියේ දී ඉන්දීය කණ්ඩායමේ පුහුණුකරු ලෙස වීවීඑස් ලක්ස්මන් කටයුතු කරනු ඇති.
India’s squad: Suryakumar Yadav (Captain), Ruturaj Gaikwad (vice-captain), Ishan Kishan, Yashasvi Jaiswal, Tilak Varma, Rinku Singh, Jitesh Sharma (wk), Washington Sundar, Axar Patel, Shivam Dubey, Ravi Bishnoi, Arshdeep Singh, Prasidh Krishna, Avesh Khan, Mukesh Kumar, Shreyas Iyer (for last two T20Is)