Ultimate magazine theme for WordPress.

18 හැවිරිදි යොවුන් තුන් ඉරියව් ක්‍රීඩකයා එංගලන්ත ටෙස්ට් සංචිතයට නම් කෙරේ

එළඹෙන පාකිස්තාන තරග සංචාරය සදහා වන එංගලන්ත ටෙස්ට් සංචිතය සදහා 18 හැවිරිදි තුන් ඉරියව් ක්‍රීඩක රෙහාන් අහ්මඩ් ඇතුළත් කිරීමට පියවර ගෙන ඇති බව එංගලන්ත ක්‍රිකට් ආයතනය පවසනවා.

Leicestershire ප්‍රාන්තය නියෝජනය කරන පාදග පන්දු යවන ක්‍රීඩක රෙහාන් අහ්මඩ් එම කණ්ඩායම වෙනුවෙන් මෙතෙක් ක්‍රීඩා කර ඇත්තේ පළමු පෙල තරග 3ක් පමණයි.

නමුත්, මේ වන විටත් ඔහු ඉනිමක කඩුලු පහේ අවස්ථාවක් හා ශතකයක් වාර්තා කිරීමට සමත්ව තිබීම විශේෂත්වයක්.

ඔහු මේ දිනවලදී එංගලන්ත ලයන්ස් කණ්ඩායම නියෝජනය කරමින් එංගලන්ත ටෙස්ට් කණ්ඩායමට එරෙහිව අබුඩාබි හී දී පැවැත්වෙන තෙදින පුහුණු තරගය සදහා ද ක්‍රීඩා කරමින් සිටිනවා.

රෙහාන් අහ්මඩ් පාකිස්තාන සංචාරයේ දී ටෙස්ට් වරම් දිනා ගතහොත්, ඔහු ඉතිහාසගත වන්නේ එංගලන්තය වෙනුවෙන් ටෙස්ට් වරම් දිනූ ලාබාලතම ක්‍රීඩකයා ලෙසයි.

පසුගිය පෙබරවාරි මාසයේ දී වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ දී අවසන් මහා තරගය දක්වා පැමිණි එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් එම තරගාවලියේ දී කඩුලු 12 ක් දවා ගැනීමට අහ්මඩ් සමත් වුණා.

පාකිස්තානය හා එංගලන්තය අතර පැවැත්වීමට නියමිත තරග 3කින් යුත් ටෙස්ට් තරගාවලිය ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතට ද අයත් වන අතර, පළමු ටෙස්ට් තරගය රාවල්පින්ඩි හී දී දෙසැම්බර් පළමු වැනිදා ආරම්භ වීමට නියමිතයි.

England squad : Ben Stokes, Rehan Ahmed, James Anderson, Harry Brook, Zak Crawley, Ben Duckett, Ben Foakes, Will Jacks, Keaton Jennings, Jack Leach, Liam Livingstone, Jamie Overton, Ollie Pope, Ollie Robinson, Joe Root, Mark Wood.

Show Comments (1)