Ultimate magazine theme for WordPress.

රූට්ගේ ඇදහිය නොහැකි පන්දු යැවීම හමුවේ ඉන්දීය ඉනිම 145කට සීමා වෙයි

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අදයි(25).

දිනය ආරම්භ කරන විට කඩුලු 3ක් දැවී ලකුණු 99ක් ලබා සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඉන්දීය ඉනිමේ සියලු පිතිකරුවන් ලකුණු 145කට සීමා කිරීමට එංගලන්ත පන්දු යවන්නන් සමත් වීම විශේෂත්වයක්.

රෝහිට් ෂර්මා ලකුණු 66ක් ලබා ගත් අතර, නායක විරාට් කෝලි ලකුණු 27කට දැවී ගියා.

පන්දු යැවීමේ දී විශිෂ්ඨ දක්ෂතාවයක් දැක් වූ නායක ජෝ රූට් ලකුණු 8කට කඩුලු 5ක් බිද හෙලූ අතර, එලෙස ඔහු විසින් කඩුලු 5ක් දවා ගනු ලැබුවේ සිය ටෙස්ට් දිවියේ පළමු වරටයි.

ජැක් ලීච් කඩුලු 4ක් දවා ගැනීමට ද සමත් වුණා.

දිවා රාත්‍රී තරගයක් ලෙස අහ්මදාබාද්හී දී පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ නමුත්, ඔවුන්ට සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 112ක් පමණයි.

සැක් ක්‍රව්ලි ලකුණු 53ක් රැස් කළ අතර, විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ අක්සාර් පටෙල් කඩුලු 6ක් බිද හෙලුවා.

ඒ අනුව ඉන්දියාව මේ වන විට සිය පළමු ඉනිමේ දී ඉදිරියෙන් පසුවන ලකුණු සංඛ්‍යාව 33ක්.

Leave a comment