Ultimate magazine theme for WordPress.

100 වැනි ජයග්‍රහනයට ශාරුක් සුබ පතයි

අයි.පී.එල් තරගාවලි ඉතිහාසයේ තම 100 වැනි ජය වාර්තා කළ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම වෙනුවෙන් එම කණ්ඩායමේ හිමිකරු සුපිරි බොලිවුඩ් නලු ශාරුක් ඛාන් සුබ පැතුම් එක් කර තිබෙනවා.

ඒ, ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින්.

කොල්කටා කණ්ඩායම මෙම කඩඉම පසු කර යාමට සමත් වුණේ සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායමට එරෙහිව අද(11) පැවැති තරගයෙන් ලකුණු 10ක ජයක් වාර්තා කිරීමත් සමගයි.

මේ වන විට අයි.පී.එල් ඉතිහාසයේ දී කොල්කටා කණ්ඩායමට වඩා වැඩි තරග ජයග්‍රහන ප්‍රමාණයක් අයි.පී.එල් ඉතිහාසයේ දී ලබා ඇත්තේ මුම්බායි ඉන්දියන්ස් (118) සහ චෙන්නායි සුපර් කිංග්ස් (106) යන කණ්ඩායම්.

Leave a comment