එංගලන්ත සංචාරයට ශ්රී ලංකා සංචිතය නම් කෙරේ
එළඹෙන එංගලන්ත තරග සංචාරය සදහා වන ශ්රී ලංකා කාන්තා සංචිතය නම් කර තිබෙනවා.
චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුත් සංචිතය සදහා ක්රීඩිකාවන් 16 දෙනෙකු ඇතුළත් බවයි ශ්රී ලංකා ක්රිකට් ආයතනය නිවේදනය කළේ.
සංචිතයේ උප නායිකාව ලෙස ඕෂදී රණසිංහ කටයුතු කරනු ලබනවා.
ශ්රී ලංකා කාන්තා කණ්ඩායමේ එංගලන්ත සංචාරයේ දී දෙරට අතර 20යි 20 තරග 3 ක් හා එක්දින තරග 3 ක් පැවැත්වීමට නියමිතයි.
අගෝස්තු 31 වැනිදා 20යි 20 තරගාවලිය Hove හී දී ආරම්භ වීමට නියමිත අතර, ඊට පෙර ශ්රී ලංකා කාන්තා කණ්ඩායම අගෝස්තු 28 වැනිදා Arundel හී දී පුහුණු 20යි 20 තරගයකට ද එක්වීමට නියමිතව තිබෙනවා.
අයි.සී.සී කාන්තා ශූරතාවලිය යටතට අයත් (ICC Women’s Championship) එක්දින තරගාවලිය ආරම්භ වන්නේ සැප්තැම්බර් 9 වැනිදායි.
සංචාරය ආරම්භ කරමින් ශ්රී ලංකා ක්රීඩිකාවන් හෙට(23) දිනයේ දී දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.
SL Squad :
Chamari Athapaththu (C), Oshadi Ranasinghe (VC), Harshitha Samarawickrama, Vishmi Gunaratne, Nilakshi de Silva, Kaveesha Dilhari, Inoka Ranaweera, Sugandika Kumari, Anushka Sanjeewani (WK) , Udeshika Prabodhani, Achini Kulasuriya, Kawya Kavindi, Inoshi Fernando, Hansima Karunaratne, Hasini Perera
16)Imesha Dulani
ENG T20I squad:
Heather Knight (c), Lauren Bell, Maia Bouchier, Alice Capsey, Kate Cross, Charlie Dean, Lauren Filer, Mahika Gaur, Danielle Gibson, Sarah Glenn, Bess Heath, Amy Jones, Freya Kemp, Issy Wong, Danielle Wyatt
ENG ODI squad:
Heather Knight (c), Tammy Beaumont, Lauren Bell, Maia Bouchier, Alice Capsey, Kate Cross, Charlie Dean, Lauren Filer, Mahika Gaur, Danielle Gibson, Sarah Glenn, Bess Heath, Amy Jones, Emma Lamb, Nat Sciver-Brunt