Ultimate magazine theme for WordPress.

ෆින්ච් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දෙයි

ඔස්ට්‍රේලියානු 20යි 20 කණ්ඩායමේ නායක ආරෝන් ෆින්ච් 20යි 20 ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව ඔහුගේ ජාත්‍යන්තර ක්‍රිකට් දිවියද මෙම තීරණයත් සමග අවසන් වනවා.

36 හැවිරිදි ඔහු එක්දින ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කළේ පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ දී යි.

ජාත්‍යන්තර තරග 254 ක් ක්‍රීඩා කර ඇති ෆින්ච් එහිදී ලකුණු 8,804 ක් රැස් කළ අතර, ඊට ශතක 19 ක් හා අර්ධ ශතක 51 ක් ඇතුළත්.

2021 පන්දුවාර 20යි 20 ලෝක ශූරතාවය දිනූ ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ නායකයා වූ ආරෝන් ෆින්ච් සිය කණ්ඩායම 20යි 20 පිටියේ දී මෙහෙයවූ තරග ගණන 76 ක්.

20යි 20 ජාත්‍යන්තර පිටියේ දී ෆින්ච් ලකුණු 3,120 ක් ලබා ගත් අතර, එය ඔස්ට්‍රේලියාව වෙනුවෙන් 20යි 20 ජාත්‍යන්තර පිටියේ දී පිතිකරුවෙකු ලබා ඇති ඉහළම ලකුණු සංඛ්‍යාවයි.

20යි 20 ජාත්‍යන්තර තරගයකදී පිතිකරුවෙකු වාර්තා කළ ඉහළම ලකුණු සංඛ්‍යාවේ ලෝක වාර්තාවට ද හිමිකම් කියන්නේ ආරෝන් ෆින්ච්. ඔහු 2018 වසරේ දී සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පන්දු 76 කින් ලකුණු 172 ක් රැස් කරමින් එම ලෝක වාර්තාව පිහිටුවනු ලැබුවා.

Leave a comment