Ultimate magazine theme for WordPress.

ෆැල්කන්ස් පෙරමුණ තහවුරු කර ගනිද්දී ස්ටාර්ස් අවසන් වටයට

Match Report

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 18 වැනි තරගයෙන් දඹුල්ල ඕරා කණ්ඩායම පරදා ලකුණු 39 ක ජයක් වාර්තා කරමින් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ තහවුරු කර ගනිමින් මූලික වටයේ තරග අවසන් කිරීමට කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම අද(18) සමත් වුණා.

දඹුල්ල ලැබූ මෙම පරාජයත් සමග තරගාවලියේ අවසන් වටයේ (playoffs) ස්ථානයක් තහවුරු කර ගැනීමට කලම්බු ස්ටාර්ස් කණ්ඩායම සමත් වීම ද විශේෂත්වයක්.

කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ අද පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ෆැල්කන්ස් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළ අතර, ඒ අනුව ඔවුන් නියමිත පන්දුවාර 20 නිමා කළේ කඩුලු 7 ක් දැවී ලකුණු 160 ක් රැස් කරමින්.

අශේන් බණ්ඩාර ලකුණු 37 ක් හා කවීන් බණ්ඩාර ලකුණු 27 ක් ලබා ගත්තා. පන්දු යැවීමේ දී කලන පෙරේරා, දිලුම් සුධීර හා මැතිව් ෆෝර්ඩ් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දඹුල්ල කණ්ඩායමට පන්දුවාර 20 තුළ කඩුලු 9ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 121 ක් පමණයි.

සිකන්ඩා රාසා ලකුණු 45 ක් රැස් කළ අතර, පන්දු යැවීමේ දී ඔෂේන් තෝමස් කඩුලු 3 ක් දවා ගත්තා.

ඒ අනුව කැන්ඩි ෆැල්කන්ස් පිල මූලික වටය අවසන් කළේ ක්‍රීඩා කළ තරග 8 න් තරග 7 ක් ජය ගනිමින්.

Show Comments (1)