Ultimate magazine theme for WordPress.

හේසල්වුඩ් IPL තරගාවලියෙන් ඉවත් වෙයි

ඔස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක ජොස් හේසල්වුඩ් මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා.

2020 අගෝස්තු මාසයේ සිට 30 හැවිරිදි ඔහු ජෛව ආරක්ෂිත බුබුලු කිහිපයකම රැදී සිටියා.

ඒ අනුව ඉදිරියේ දී ආරම්භ වීමට නියමිත කාර්යය බහුල ජාත්‍යන්තර තරග කාලසටහන හේතුවෙන් ඊට හොදින් මුහුණ දීම අරමුණු කර ගනිමින් ජොස් හේසල්වුඩ් මෙම තීරණය ගෙන ඇති බව සදහන්.

ඔහු 2020 තරග වාරයේ දී චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම වෙනුවෙන් තරග 3කට ක්‍රීඩා කළා.

ජොෂ් පිලිපී සහ මිචෙල් මාෂ් ද මීට පෙර මෙවර අයි.පී.එල් තරගාවලියෙන් ඉවත් වන බව ප්‍රකාශ කර තිබුණා.

Leave a comment