Ultimate magazine theme for WordPress.

හේසල්වුඩ්ට WTC අවසන් මහා තරගය අහිමි වෙයි

ඉන්දියාව සමග පැවැත්වීමට නියමිත අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගය ක්‍රීඩා කිරීමේ අවස්ථාව ආබාධයකට ලක්ව සිටින ඔස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක ජොෂ් හේසල්වුඩ්ට අහිමි වී තිබෙනවා.

ඒ අනුව ඔහු ඔස්ට්‍රේලියානු සංචිතයෙන් ඉවත් කර ඇති අතර, හේසල්වුඩ් වෙනුවට මයිකල් නේසර් සංචිතයට ආදේශ කිරීමටයි ඔස්ට්‍රේලියානු තේරීම් කමිටුව පියවර ගෙන ඇත්තේ.

ඒ අනුව අවසන් මහා තරගය සදහා ක්‍රීඩා කිරීමේ අවස්ථාව බොහෝ විට ස්කොට් බෝලන්ඩ්ට හිමි වීමට ඉඩ පවතිනවා.

හේසල්වුඩ් නිමා වූ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී ආබාධයකට ලක් වූ නමුත්, ඔහුට ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් තරගය සදහා ක්‍රීඩා කිරීමට හැකි වනු ඇති බවටයි විශ්වාස කෙරුණේ.

ඔහුට එම තරගය මේ වන විට අහිමි වී ඇතත්, එළඹෙන 16 වැනිදා එංගලන්තයට එරෙහිව ආරම්භ වන පළමු අළුබදුන ටෙස්ට් තරගය සදහා ක්‍රීඩා කිරීමට හැකි වනු ඇති බවට අපේක්ෂා කෙරෙනවා.

අයි.සී.සී ලෝක ටෙස්ට් ශුරතාවලියේ අවසන් මහා තරගය එළඹෙන 7 වැනිදා ලන්ඩන් නුවර ඕවල් ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි

Leave a comment